If you get something from this, give positive feedback. Also, comment on the shortcomings and areas that need to be changed.
Monday, December 12, 2022
Saturday, December 10, 2022
මෝටර් රථයක ප්‍රදාන පද්ඨති
මෝටර් රථයක් නිසියාකාරව ක්‍රියාත්මක වීමට උපාංග ගණනාවක් අවශ්‍යය වේ. මෙම උපාංග එක්කොට පද්ඨති නිර්මාණය කර ඇත. එම පද්ඨතිවල නිවැරදි ක්‍රියාකාරිත්වයෙන් මෝටර් රථයේ ක්‍රියාකාරිත්වය සිදුවේ.
1. මූලික ස්වයං චාලක පද්ඨතිය
2. බල සම්ප්‍රේෂණ පද්ඨතිය
3. සුක්කානම් පද්ඨතිය
4. සිසිලන පද්ඨතිය
5. ස්නේහක පද්ඨතිය
6. ජ්වලන පද්ඨතිය
7. ඉන්දන පද්ඨතිය
8. රෝදක පද්ඨතිය
9. විදුලි පද්ඨතිය
10. අවලම්බන පද්ඨතිය
එන්ජිම(Engine)
![]() |
රසායනික ශක්තිය(ඉන්දන)
⤷ තාප ශක්තිය(දහනය)
⤷ යාන්ත්‍රික ශක්තිය
මෝටර් රථ සදහා බාවිතා කරන එන්ජින් එහි ක්‍රියාකාරිත්වය අනුව ප්‍රදාන වශයෙන් වර්ග 2කි. එනම් සිව්පහර සහ දෙපහර එන්ජින් ලෙසය. බාවිතා කරන ඉන්දන අනුවද එන්ජින් වර්ග කෙරේ. එනම් සිව්පහර පෙට්‍රල් එන්ජිම සහ සිව්පහර ඩීසල් එන්ජිම වශයෙනි.
මෝටර් රථ සදහා බාවිතා කරන සිව්පහර ඩීසල් සහ පෙට්‍රල් එන්ජින්වල ක්‍රියාකාරිත්වය සමාන වන අතර සුලු වෙනස් කමක් පවතී.
සම්පීඩන අනුපාත (Compression Ratio)
සම්පීඩන පහරට පෙර සිලින්ඩරයේ පරිමාව ,සම්පීඩන පහරට පසු සිලින්ඩරයේ පරිමාවට අනුපාතයක් ලෙස දැක්වීම සමපීඩන අනුපාතයයි.
⤷ සිලින්ඩර ගණන අනුව (තනි සිලින්ඩර, බහු සිලින්ඩර) එන්ජින්
Friday, December 9, 2022
බල සම්ප්‍රේෂණ පද්ඨතිය
බල සම්ප්‍රේෂණ පද්ඨතිය (Power Transmission System)
එන්ජිමේ නිර්මාණය වන කැරකුම් බලය බල හානියකින් තොරව එලවෙන රෝද වෙත සම්ප්‍රේෂණය කිරීම සදහා නිර්මානය කර ඇති පද්ඨතිය සම්ප්‍රේෂණ පද්ඨතිය ලෙස හදුන්වයි. මෝටර් රථයක එන්ජිම සහ එලවන රෝද පිහිටන ස්ථානය අනුව එලවුම් ක්‍රම කීපයකි.
ඉදිරි එන්ජිම පසුපස රෝද එලවුම
![]() |
ඉදිරි එන්ජිම ඉදිරි රෝද එලවුම
![]() |
පසුපස එන්ජිම පසුපස රෝද එලවුම ![]() සිව් රෝද එලවුම |
![]() |
![]() |
![]() |
![]() |
Monday, November 28, 2022
දෙපහර සහ සිව්පහර ඩීසල් එන්ජිම
සිව්පහර ඩීසල් එන්ජිම
ඉන්දන ලෙස ඩීසල් බාවිතා කරන දගර කද වට දෙකක් කරකැවෙන විට එක බල පහරක් ලැබෙන එන්ජින් සිව්පහර ඩීසල් එන්ජින් ලෙස හැදින්වේ. මෙහිදී වාතය සම්පීඩනය කර ඒ මතට ඉන්දන විදීමෙන් දහන කාර්ය සිදු වේ. මේ නිසාම ඩීසල් එන්ජිම සමපීඩන දහන එන්ජිම ලෙස හැදින්වේ.
![]() |
E - චූෂන කැමිය
S - ඉන්දන විදිනය
I - පිටාර කැමිය
V - චුෂන සහ පිටාර වෑල්ව
P - පිස්ටනය
R - සම්බන්දිත දණ්ඩ
C - දගර කද
W - ජල කුහර
චූෂන පහර
![]() |
- මෙම අවස්තාවේදී දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.
සම්පීඩන පහර
![]() |
Bottom (B.D.C)වල ඇති පිස්ටනය Top (T.D.C) දක්වා ගමන් කිරීම ආරම්බ වේ. ඒත් සමගම චූෂන වෑල්වය සහ පිටාර වෑල්වය වැසී පවතී. දහන කුටීරයට පැමිනි පිරිසිදු වාතය සම්පීඩනයට ලක් වේ. මෙය සම්පීඩන පහර ලෙස හදුන්වයි.
- නැවතත් දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.
බල පහර
![]() |
Top (T.D.C)වෙත පැමිනි පිස්ටනය ඇත්තේ සම්පීඩනය වූ වාතයත් සමගය. ඒ මතට ඉන්දන විදිනය මගින් ඉන්දන විදීම මගින් දහනය සිදුවේ. මේ අවස්තාවේදී චූෂන සහ පිටාර වෑල්ව දෙකම වැසී පවතී. මෙම පහරේදී ඉන්දන දහනය වීම නිසා ඇතිවන පීඩනයට පිස්ටනය නැවත Bottom (B.D.C) දක්වා ගමන් කරයි. මෙය බල පහර ලෙස හදුන්වයි. එන්ජිමක ක්‍රියාකාරිත්වය පවතින්නේ මෙම බල පහර නමතය.
- නැවතත් දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.
![]() |
- නැවතත් දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.
දෙපහර ඩීසල් එන්ජිම
ඉන්දන ලෙස ඩීසල් බාවිතා කරන දගර කද වට දෙකක් කැරකැවෙන විට එක් බල පහරක් ලැබෙන එන්ජින් දෙපහර ඩීසල් එන්ජින් ලෙස හදුන්වයි. මෙහි ක්‍රියාකාරිත්වය දෙපහර පෙට්‍රල් එන්ජිමට සමාන වුවද වෙනස්කම් කීපයක් පවතී.
1. සිලින්ඩර හිසේ ඉන්දන විදිනයක් තිබීම.
2. පිටාර වෑල්වයක් පමනක් පිහිටා තිබීම.
දෙපහර ඩීසල් එන්ජිමක කොටස්
![]() |
1. ඉන්දන විදිනය
2. පිටාර වෑල්වය
3. චූෂන කවුලුව
4. සිලින්ඩරය
5. පිස්ටනය
6. සම්බන්දිත දණ්ඩ
7. දගර කද
8. පිටාර කවුලුව
![]() |
| Diesel Injector |
උඩුකුරු පහර
![]() |
පිස්ටනය Bottom (B.D.C) හි පවතී. චූෂන කවුලුව විවෘතව ඇති අතර පිටාර වෑල්වය සුලු වශයෙන් විවෘතව ඇත. දහන කුටීරයට අවශ්‍යය පිරිසිදු වාතය කුබුවක ආදාරයෙන් චූෂන කවුලුව තුලින් පැමිනේ. ඉන්පසු පිස්ටනය Top (T.D.C) දක්වා ගමන් කරමින් පවතී. චූෂන කවුලුව සහ පිටාර වෑල්වය වැසී ඇති අතර පිස්ටනය ඉහලට ගමන් කිරීම මගින් දහන කුටීරයේ ඇති වාතය සම්පීඩනය වේ.
- අවශ්‍යය ප්‍රමානයට වාතය සම්පීඩනය වූ පසු ඩීසල් ඉන්දන විදියෙන් ඉන්දන විදීමක් සිදු කරයි.
![]() |
- පිස්ටනය තව දුරටත් ගමන් කිරීමේදී චූෂන කවුලුව විවෘත වී නැවතත් ඉහත ක්‍රියාවලිය අකන්ඩව සිදුවේ.
Sunday, November 20, 2022
එන්ජිමක මූලික කොටස්
එන්ජින්බද (Engine Block)
![]() |
- ජල සිසිලන එන්ජිමක නම් එන්ජින් බදේ ජල කුහර පිහිටා ඇත.
- වා සිසිලන එන්ජිමක නම් එන්ජින් බදේ වා සිසිලන වරල් පිහිටා තිබේ.
- එන්ජින් බදට ඉහලින් එන්ජින් හිස සවිකර ඇත.
- එන්ජින් බදට පහලින් තෙල් දෙන පිහිටා ඇත.
- දහන ක්‍රියාවලියේදී උපදින තාපය මගින් ලැබෙන ශක්තියෙන් පිශ්ටනය ඉහල පහල ගමන් කිරීමට සකස් කර ඇති මාර්ගය සිලින්ඩරයයි.
- ඉන්දන දහනය වන දහන කුටීරය බොහෝ විට පිහිට ඇත්තේ සිලින්ඩරය තුලයි.
- උපදින අදික තාපයට සහ ගෙවීමට ඔරොත්තු දෙනලෙස නිකල් ක්‍රෝමියම් වැනි ලෝහ වලින් නිපද වේ.
- පැති තෙරපුම
- වියලි ඝර්ෂණය
- පිස්ටන් ඇනය
- පිස්ටන් වලලු
- අම්ලකර
- අපවිත්‍ර ස්නේහක තෙල් වලලු යට තැන්පත් වීම.
- ස්නේහක තෙල්වල බොර සහ මන්ඩි සෑදීම.
- නිසියාකාරව වාෂ්ප නොවූ අමු ඉන්දන දහන කුටීරයට පැමිනීම.
- පිරිසිදු ස්නේහක තෙල් බාවිතය හා ඉන්දන පද්ඨතිය හොදින් සුසර කිරීම මගින් මග හරවා ගත හැක.
![]() |
- තෙත් ලයිනර් ක්‍රමයේදී ජල කුහරය ඍජුව ලයිනරය හා ගැටේ. මේ සදහා හොදින් මුද්‍රා කල යුතුය.
- වියලි ලයිනර් ක්‍රමයේදී සිලින්ඩරය පිහිටා ඇත්තේ සිලින්ඩරය තුල නිසා ඉහත ගැටලු ඇති නොවේ.
![]() |
- එන්ජින් බදට ඉහලින් පිහිටා ඇත.බොහෝවිට දහන කුටීරය පිහිටා ඇත්තේ මේ තුලය. පෙට්‍රල් එන්ජිමක දහන කාර්ය සදහා අවශ්‍යය වන පුලිගු පේනුව මෙහි සවිකර ඇත. ඩීසල් එන්ජිමකනම් ඉන්දන විදිනය එන්ජින් හිසේ සවිකර ඇත.
- සිව්පහර එන්ජිමක නම් එන්ජින් හිසේ වෑල්ව, දුනු, කැමි දන්ඩ ,සලැගිලි ආදිය පිහිටා ඇත. මීට අමතරව චූෂන සහ පිටාර කවුලු පිහිටා ඇත.
- ජල සිසිලන එන්ජිමක එන්ජින් හිස බදට අනුරූපව ජල කුහර පිහිටා ඇති අතර වා සිසිලන එන්ජිමක එන්ජින් හිසේ සිසිලන වරල් පිහිටා ඇත.
- එන්ජින් හිස එන්ජින් බදට සවිකර ඇත්තේ දෙකොන පොට ඇණ මගිනි. ඇණ සවිකිරීමට සහ ගැලවීමට වියවර්තන රෙන්චියක් යොදාගත යුතුය. ඇණ සවිකිරීමේදී සිදු කරන්නේ මැදින් පටන්ගෙන දෙපසට සවිකිරීමයි. ඇණ ගැලවීමේදී අවසන් වරට සවිකල ඇණයේ සිට ඇතුලට ගැලවීම සිදුකල යුතුය. ඇණ තද කරන ආකාර 2කි,
![]() |
![]() |
![]() |
- ස්නේහන පද්ඨතිය සදහා අවශ්‍ය ස්නේහක තෙල් තාවකාලිකවගබඩා කර තබන්නේ තෙල් දෙන තුලය.
- මේ මගින් දගර කදට ආරක්ෂාවද සපයයි.
- ස්නේහක තෙල් කැලතීම වැලැක්වීමට හරස් අතට කලම්ප යොදා ඇත.
- දැවුනු ස්නේහක තෙල් ඉවත් කිරීම සදහා චුම්බක පේනුවක් ඇත.
![]() |
- පිස්ටනයේ ප්‍රඨානතම කාර්ය වන්නේ සිලින්ඩරය තුල සිදුවන දහන ක්‍රියාවලියේදී උපදින තාපයෙන් දගර කද කරකැවීමයි.
- ඇලුමීනියම් මිශ්‍ර ලෝහයෙන් කුහර සිලින්ඩරාකාර හැඩයට නිර්මාණය කර ඇත.
- පිස්ටන් හිසේ පිස්ටන් වලලු සම්බන්ද කිරීමට වලලු ඇලි සකස් කර ඇත.
- මෙම වලලු ඇලිවල සම්පීඩන සහ තෙල් පාලන වලලු සවිකර ඇත.
![]() ![]() |
- සිලින්ඩරය තුල දහන ක්‍රියාවලියෙන් උපදින තාපය උපයෝගී කරගෙන දගර කද කරකැවීම.
- දගර කද කුටීරය සහ දහන කුටීරය අතර හොද මුද්‍රාවක් තබා ගැනීම.
- දෙපහර එන්ජිමක මිශ්‍රණය ගලායාම වැලැක්වීම.
- පිස්ටනයේ මුදුනට එල්ලවන දැඩි තාපය සම්පූර්ණයෙන්ම සහ ක්ෂණිකව සිලින්ඩර බිත්තියටද ඉන්පසු සිසිලන පද්ඨතියටද හුවමාරු කරයි.
![]() |
- සම්පීඩනය වන වායු ඉන්දන මිශ්‍රනයක් දහනය කිරීමෙන් ලබා ගන්නා තාප ශක්තියෙන් දගර කද කරකැවීමේ කාර්ය ප්‍රඨාන වශයෙන් සිදු කරන්නේ පිස්ටන් හිස මගිනි.
- පිස්ටන් හිසේ ඇති වලලු ඇලි තුල පිස්ටන් වලලු පිහිටා ඇත.
- සම්පීඩන වලලු මගින් සම්පීඩනයවන වායු ඉන්දන මිශ්‍රනය කාන්දුවීම වලක්වන අතර තෙල් පාලන වලල්ල මගින් සිලින්ඩර බිත්තියේ නොකඩවා තෙල් සීරාවක් පවත්වාගෙන යන අතර වැඩිපුර තෙල් පිසදමයි.
![]() |
![]() |
- පිස්ටනයට ලැබෙන යටි තෙරපුම් බලය දගර කද වෙත සම්ප්‍රේෂනය කිරීමට යොදා ගනී.
- පිස්ටන් හිස සම්බන්දවන ස්ථානය කුඩාකොන බෙයාරිම ලෙසද, දගර කද සම්බන්දවන ස්ථානය මහාකොන බෙයාරිම ලෙසද හැදින්වේ.
- කාබන් හෝ මිශ්‍ර කාබන් වලින් නිපදවා ඇත. සැහැල්ලු මෝටර් රථවල ඇලුමීනියම් වලින් නිපදවා ඇත.
- එන්ජිමක ඇති සියලු සම්බන්දිත දඩු සමාන බරින් යුක්ත විය යුතුය.
![]() |
- පිස්ටන් හිස සම්බන්දිත දණ්ඩට සවිකර ඇත්තේ පිස්ටන් ඇණය මගිනි.
- මෙහි මතුපිට පෘශ්ඨය දැඩියම් කර නිශ්පාදනය කර ඇත. මේ සදහා වානේ යොදා ගන්නා අතර ඇතුලත කුහරයක් සහිතව නිවැරදි මිනුම් වලට සවිකර ඇත.
- කුඩා එන්ජින්වල මෙය අතින් සවිකල හැකි ඇතර විශාල එන්ජින්වල සහ දෙපහර එන්ජින්වල 70 'C උෂ්ණත්වයකට ලක්කර සවිකල යුතුය. පසුව හිර වලලු යොදා සවි කිරීම තහවුරු කල යුතුය.
![]() |
- එකම ඒකකයක් ලෙස වාත්තු වානේ වලින් නිපදවා ඇත. ගෙවීම වැලැක්වීම සදහා නිකල්ක්‍රෝමියම් ආලේප කර ඇත.
- සම්බන්දිත දණ්ඩේ මහාකොන බෙයාරිම සවිකර ඇත්තේ දගර කද පුරුක් වලටය. මේවා මහාකොන ජර්නල ලෙස හැදින්වේ.
- දහර කද එන්ජින් බදට තබා සවිකර ඇත්තේ බ්‍රමදර හෙවත් ප්‍රඨාන ජර්නල මගිනි.
- දගර කදේ ඉදිරිපස කැමි දණ්ඩේ එලවුම් රෝදයද, දගර කදේ පසුපස ජවරෝදයද සවිකර ඇත.
- දගර කදේ ප්‍රඨානතම කාර්ය වන්නේ පිස්ටන් ඉහල පහල යමින් ලබාදෙන අනුවැටුම් චලිතය මගින් බ්‍රමන චලිතය නිර්මාණය කිරීමයි.
- මෙය සිදුකර ගැනීම සදහා සම්බන්දිත දණ්ඩ දගර කදට විකේන්ද්‍රිකව සවිකර ඇත.
![]() |
- සිව්පහර එන්ජිමක වෑල්ව විවෘතවීම සහ වැසීම සදහා උපකාරවන කැමි පිහිටා ඇත්තේ කැමි දණ්ඩේය.
- එක් සිලින්ඩරයක් සදහා සාමන්‍යයෙන් කැමි දෙකක් පිහිටා තිබිය යුතුය. ඒ චූෂන සහ පිටාර වෑල්ව සදහායි.
- කැමි දණ්ඩ මගින් ඉන්දන පොම්පය ක්‍රියාත්මක කරන අතර ඒ අදාල විකේන්ද්‍රිකයද මෙහි පිහිටා ඇත. එසේම ඩිස්ට්‍රිබියුටරය සදහා අවශ්‍යය කැරකුම් බලයද මෙමගින් ලබාදේ.
- දගර කදේ සහ කැමි දණ්ඩේ එලවුම් රෝදවල එලවුම් අනුපාතය 2 : 1කි. මේ නිසා දගර කදේ එලවුම් රෝදයට වඩා කැමි දණ්ඩේ එලවුම් රෝදය දෙගුණයක් විශාලව නිර්මාණය කර ඇත.
- නවීන මෝටර් රථවල කැමි දණ්ඩ පිහිටා ඇත්තේ එන්ජින් හිසේය.
![]() |
![]() |
- සිව්පහර එන්ජිමක එක් සිලින්ඩරයක් තුල පිස්ටනයක් සිලින්ඩර චක්‍රරයක් සම්පූර්ණ කරන විට චූෂණ සහ පිටාර වෑල්ව එක් වරක් පමනක් බැගින් විවෘත වේ.
- මෙසේ වෑල්ව විවෘත වීම සහ වැසීම සිදුවිය යුත්තේ සිව්පහර චක්‍රයට අනුරූපවය.
Popular Posts
-
එන්ජින් ධාරිතාව ගණනය කිරීම එන්ජිමේ ධාරිතාව ගණනය කරනු ලබන්නේ පිස්ටනයේ හරස්කඩ වර්ගපලය පහරක උසින් ගුණ කිරීමෙනි. එන්ජින් = හරස්ක...
-
එන්ජින්බද (Engine Block) මෝටර් රථයක දාවන කර්ය සදහා අවශ්‍යය බ්‍රමන ශක්තිය නිර්මාණය කරන්නේ එන්ජිම මගින් එන්ජින් බද ඊට සුදුසු ලෙස වාත්තු වාන...
-
මෝටර් රථයේ ඉතිහාසය 17 වන හා 18 වන සියවස්වල එංගලන්තය ප්රමුඛ රටවල ජනගහනය වැඩි වීමක් සිදු විය. ඒ සමගම මිනිසාගේ අව්‍යතා හා වුවමනා ද වැඩිවිය. සැ...































.gif)






























