Saturday, December 10, 2022

මෝටර් රථයක ප්‍රදාන පද්ඨති

මෝටර් රථයක් නිසියාකාරව ක්‍රියාත්මක වීමට උපාංග ගණනාවක් අවශ්‍යය වේ. මෙම උපාංග එක්කොට පද්ඨති නිර්මාණය කර ඇත. එම පද්ඨතිවල නිවැරදි ක්‍රියාකාරිත්වයෙන් මෝටර් රථයේ ක්‍රියාකාරිත්වය සිදුවේ.

1.     මූලික ස්වයං චාලක පද්ඨතිය

2.     බල සම්ප්‍රේෂණ පද්ඨතිය

3.     සුක්කානම් පද්ඨතිය

4.     සිසිලන පද්ඨතිය

5.     ස්නේහක පද්ඨතිය

6.     ජ්වලන පද්ඨතිය

7.     ඉන්දන පද්ඨතිය

8.     රෝදක පද්ඨතිය

9.     විදුලි පද්ඨතිය

10.   අවලම්බන පද්ඨතිය


එන්ජිම(Engine)


 ඉන්දනවල ඇති රසායනික   ශක්තිය   දහනය කිරීමෙන් ලබා   ගන්නා තාප   ශක්තියෙන්   යාන්ත්‍රික ශක්තිය   නිපදවන   ශක්ති පරිවර්තන   උපකරනය   එන්ජිමක් ලෙස   හැදින්වේ.

 රසායනික ශක්තිය(ඉන්දන)

          තාප ශක්තිය(දහනය)

                       යාන්ත්‍රික ශක්තිය


මෝටර් රථ සදහා බාවිතා කරන එන්ජින් එහි ක්‍රියාකාරිත්වය අනුව ප්‍රදාන වශයෙන් වර්ග 2කි. එනම් සිව්පහර සහ දෙපහර එන්ජින් ලෙසය. බාවිතා කරන ඉන්දන අනුවද එන්ජින් වර්ග කෙරේ. එනම් සිව්පහර පෙට්‍රල් එන්ජිම සහ සිව්පහර ඩීසල් එන්ජිම වශයෙනි.

මෝටර් රථ සදහා බාවිතා කරන සිව්පහර ඩීසල් සහ පෙට්‍රල් එන්ජින්වල ක්‍රියාකාරිත්වය සමාන වන අතර සුලු වෙනස් කමක් පවතී.


සම්පීඩන අනුපාත (Compression Ratio)

සම්පීඩන පහරට පෙර සිලින්ඩරයේ පරිමාව ,සම්පීඩන පහරට පසු සිලින්ඩරයේ පරිමාවට අනුපාතයක් ලෙස දැක්වීම සමපීඩන අනුපාතයයි.


සම්පීඩන අනුපාතය = (දහන කුටීර පරිමාව + පහරක පරිමාව)
                                    දහන කුටීර පරිමාව



                                             
    එන්ජින් වර්ගීකරනය  
       අබ්‍යන්තර දහන එන්ජින්  ⤶        ⤷ බාහිර දහන එන්ජින්
                 සිලින්ඩර සැකැස්ම අනුව (සිරස්, තිරස්, V වර්ගයේ, තාරකා) එන්ජින්
                 සිලින්ඩර ගණන අනුව (තනි සිලින්ඩර, බහු සිලින්ඩරඑන්ජින්
                 ක්‍රියාකාරී පහර අනුව (දෙපහර, සිව්පහරඑන්ජින්
                 බාවිතා කරන ඉන්දන අනුව (ඩීසල්, පෙට්‍රල්) එන්ජින්
                 සිසිලන ක්‍රමය අනුව (වා සිසිලන, ජල සිසිලන) එන්ජින්
                 ජ්වලන ක්‍රමය අනුව (පුලිගු ජ්වලන, සමපීඩන ජ්වලන)


විවිද එන්ජින් වර්ග කීපයක්










එන්ජිමක විසිරි පෙනුම






1 comment:

Welcome To My Blog

 

Popular Posts