එන්ජින්බද (Engine Block)
![]() |
- ජල සිසිලන එන්ජිමක නම් එන්ජින් බදේ ජල කුහර පිහිටා ඇත.
- වා සිසිලන එන්ජිමක නම් එන්ජින් බදේ වා සිසිලන වරල් පිහිටා තිබේ.
- එන්ජින් බදට ඉහලින් එන්ජින් හිස සවිකර ඇත.
- එන්ජින් බදට පහලින් තෙල් දෙන පිහිටා ඇත.
සිලින්ඩර(Cylinder)
- දහන ක්‍රියාවලියේදී උපදින තාපය මගින් ලැබෙන ශක්තියෙන් පිශ්ටනය ඉහල පහල ගමන් කිරීමට සකස් කර ඇති මාර්ගය සිලින්ඩරයයි.
- ඉන්දන දහනය වන දහන කුටීරය බොහෝ විට පිහිට ඇත්තේ සිලින්ඩරය තුලයි.
- උපදින අදික තාපයට සහ ගෙවීමට ඔරොත්තු දෙනලෙස නිකල් ක්‍රෝමියම් වැනි ලෝහ වලින් නිපද වේ.
එන්ජින් ගෙවීමක් සිදිවීමේදී සිලින්ඩර ගෙවීමක් සිදුවේ. සාමන්‍යයෙන් මෝටර් රථයක් 6000 - 10000 පමන දාවනය කලවිට සිලින්ඩරය 0.1 ගෙවීයයි. මෙය සාමාන්‍යය ගෙවීම ලෙස හදුන්වයි. මේ සදහා,
- පැති තෙරපුම
- වියලි ඝර්ෂණය
- පිස්ටන් ඇනය
- පිස්ටන් වලලු
- අම්ලකර
මගින් ගෙවීමට ලක්වේ. මෙසේ ගෙවීම බෝරේ නැවත සකස් කිරීම මගින් අලුත්වැඩියා කරගත හැකිය.
ඉහත සාමාන්‍යය ගෙවීමට අමතර එන්ජිමක සිලින්ඩර අසාමාන්‍යය ගෙවීමකට ලක්විය හැක.
- අපවිත්‍ර ස්නේහක තෙල් වලලු යට තැන්පත් වීම.
- ස්නේහක තෙල්වල බොර සහ මන්ඩි සෑදීම.
- නිසියාකාරව වාෂ්ප නොවූ අමු ඉන්දන දහන කුටීරයට පැමිනීම.
මෙම ගෙවීම වලක්වා ගැනීමට,
- පිරිසිදු ස්නේහක තෙල් බාවිතය හා ඉන්දන පද්ඨතිය හොදින් සුසර කිරීම මගින් මග හරවා ගත හැක.
සිලින්ඩර ලයිනර් (Liner)
![]() |
1. තෙත් ලයිනර්
2.වියලි ලයිනර්
- තෙත් ලයිනර් ක්‍රමයේදී ජල කුහරය ඍජුව ලයිනරය හා ගැටේ. මේ සදහා හොදින් මුද්‍රා කල යුතුය.
- වියලි ලයිනර් ක්‍රමයේදී සිලින්ඩරය පිහිටා ඇත්තේ සිලින්ඩරය තුල නිසා ඉහත ගැටලු ඇති නොවේ.
සිලින්ඩර හිස(Cylinder Head)
![]() |
- එන්ජින් බදට ඉහලින් පිහිටා ඇත.බොහෝවිට දහන කුටීරය පිහිටා ඇත්තේ මේ තුලය. පෙට්‍රල් එන්ජිමක දහන කාර්ය සදහා අවශ්‍යය වන පුලිගු පේනුව මෙහි සවිකර ඇත. ඩීසල් එන්ජිමකනම් ඉන්දන විදිනය එන්ජින් හිසේ සවිකර ඇත.
- සිව්පහර එන්ජිමක නම් එන්ජින් හිසේ වෑල්ව, දුනු, කැමි දන්ඩ ,සලැගිලි ආදිය පිහිටා ඇත. මීට අමතරව චූෂන සහ පිටාර කවුලු පිහිටා ඇත.
- ජල සිසිලන එන්ජිමක එන්ජින් හිස බදට අනුරූපව ජල කුහර පිහිටා ඇති අතර වා සිසිලන එන්ජිමක එන්ජින් හිසේ සිසිලන වරල් පිහිටා ඇත.
- එන්ජින් හිස එන්ජින් බදට සවිකර ඇත්තේ දෙකොන පොට ඇණ මගිනි. ඇණ සවිකිරීමට සහ ගැලවීමට වියවර්තන රෙන්චියක් යොදාගත යුතුය. ඇණ සවිකිරීමේදී සිදු කරන්නේ මැදින් පටන්ගෙන දෙපසට සවිකිරීමයි. ඇණ ගැලවීමේදී අවසන් වරට සවිකල ඇණයේ සිට ඇතුලට ගැලවීම සිදුකල යුතුය. ඇණ තද කරන ආකාර 2කි,
1. හරස් අතට ඇණ තද කිරීම
![]() |
![]() |
එන්ජින් හිසක ඇණ ගැලවීමට සහ සවිකිරීමට යොදා ගන්නා වියවර්තන රෙන්චියේ අඩි රාත්තල් සහ නිවුටන් මීටර් වලින් ක්‍රමාංකනය කර ඇත.
2. හෙලෙන්සීය ක්‍රමය
තෙල් දෙන(Oil Sump)
![]() |
- ස්නේහන පද්ඨතිය සදහා අවශ්‍ය ස්නේහක තෙල් තාවකාලිකවගබඩා කර තබන්නේ තෙල් දෙන තුලය.
- මේ මගින් දගර කදට ආරක්ෂාවද සපයයි.
- ස්නේහක තෙල් කැලතීම වැලැක්වීමට හරස් අතට කලම්ප යොදා ඇත.
- දැවුනු ස්නේහක තෙල් ඉවත් කිරීම සදහා චුම්බක පේනුවක් ඇත.
පිස්ටන්(Piston)
![]() |
- පිස්ටනයේ ප්‍රඨානතම කාර්ය වන්නේ සිලින්ඩරය තුල සිදුවන දහන ක්‍රියාවලියේදී උපදින තාපයෙන් දගර කද කරකැවීමයි.
- ඇලුමීනියම් මිශ්‍ර ලෝහයෙන් කුහර සිලින්ඩරාකාර හැඩයට නිර්මාණය කර ඇත.
- පිස්ටන් හිසේ පිස්ටන් වලලු සම්බන්ද කිරීමට වලලු ඇලි සකස් කර ඇත.
- මෙම වලලු ඇලිවල සම්පීඩන සහ තෙල් පාලන වලලු සවිකර ඇත.
![]() ![]() |
- සිලින්ඩරය තුල දහන ක්‍රියාවලියෙන් උපදින තාපය උපයෝගී කරගෙන දගර කද කරකැවීම.
- දගර කද කුටීරය සහ දහන කුටීරය අතර හොද මුද්‍රාවක් තබා ගැනීම.
- දෙපහර එන්ජිමක මිශ්‍රණය ගලායාම වැලැක්වීම.
- පිස්ටනයේ මුදුනට එල්ලවන දැඩි තාපය සම්පූර්ණයෙන්ම සහ ක්ෂණිකව සිලින්ඩර බිත්තියටද ඉන්පසු සිසිලන පද්ඨතියටද හුවමාරු කරයි.
පිස්ටනයේ කොටස්(Parts of the piston)
පිස්ටන් හිස(Piston Head)
![]() |
- සම්පීඩනය වන වායු ඉන්දන මිශ්‍රනයක් දහනය කිරීමෙන් ලබා ගන්නා තාප ශක්තියෙන් දගර කද කරකැවීමේ කාර්ය ප්‍රඨාන වශයෙන් සිදු කරන්නේ පිස්ටන් හිස මගිනි.
- පිස්ටන් හිසේ ඇති වලලු ඇලි තුල පිස්ටන් වලලු පිහිටා ඇත.
- සම්පීඩන වලලු මගින් සම්පීඩනයවන වායු ඉන්දන මිශ්‍රනය කාන්දුවීම වලක්වන අතර තෙල් පාලන වලල්ල මගින් සිලින්ඩර බිත්තියේ නොකඩවා තෙල් සීරාවක් පවත්වාගෙන යන අතර වැඩිපුර තෙල් පිසදමයි.
පිස්ටනයකට පිස්ටන් වලලු සවි කිරීම
![]() |
1. අදාල පිස්ටන් වලල්ල අදාල පිස්ටන අයත් බෝරයට ඇතුල් කිරීම.
2. ස්පර්ෂක ආමානයක් ගෙන නිශ්පාදකයා ප්‍රකාශ කර ඇති ආකාරයට මූට්ටු පරතරය නිවැරදිව ඇත්දැයි බැලීම.(එම ප්‍රමානයට වඩා අඩුනම් සකස් කර බාවිතා කරන අතර වැඩිනම් බාවිතා නොකරයි)
3. ඉන්පසු නියමිත ප්‍රමානයට ඇති පිස්ටන් වලල්ල බෝරයෙන් ඉවත්කර පිස්ටන් හිසේ වලලු ඇලි වලට ඇතුල් කිරීම.
4. පිස්ටන් වලලු ඇතුල් කල පසු වලලු මූට්ටු එක එල්ලේ නොඑන ලෙස 120' කෝණයකින් හරවා තිබීම.
පිස්ටන් වලලුවල මූට්ටු අතර පරතරය නිවැර්‍රදිව තිබිය යුතු වන්නේ එන්ජිම ක්‍රියාකිරීමෙන් හට ගන්නා තාපයෙන් මූට්ටු එකිනෙක ගැටී කැඩී යා හැකි නිසයි. සාමන්‍යයෙන් මූට්ටු අතර පරතරය 0.2 - 0.5mm අතර වේ.
පිස්ටන් අත(Piston Rod)/සම්බන්දක දන්ඩ(Connecting Rod)
![]() |
- පිස්ටනයට ලැබෙන යටි තෙරපුම් බලය දගර කද වෙත සම්ප්‍රේෂනය කිරීමට යොදා ගනී.
- පිස්ටන් හිස සම්බන්දවන ස්ථානය කුඩාකොන බෙයාරිම ලෙසද, දගර කද සම්බන්දවන ස්ථානය මහාකොන බෙයාරිම ලෙසද හැදින්වේ.
- කාබන් හෝ මිශ්‍ර කාබන් වලින් නිපදවා ඇත. සැහැල්ලු මෝටර් රථවල ඇලුමීනියම් වලින් නිපදවා ඇත.
- එන්ජිමක ඇති සියලු සම්බන්දිත දඩු සමාන බරින් යුක්ත විය යුතුය.
පිස්ටන් ඇණය(Gudgeon Pin)
![]() |
- පිස්ටන් හිස සම්බන්දිත දණ්ඩට සවිකර ඇත්තේ පිස්ටන් ඇණය මගිනි.
- මෙහි මතුපිට පෘශ්ඨය දැඩියම් කර නිශ්පාදනය කර ඇත. මේ සදහා වානේ යොදා ගන්නා අතර ඇතුලත කුහරයක් සහිතව නිවැරදි මිනුම් වලට සවිකර ඇත.
- කුඩා එන්ජින්වල මෙය අතින් සවිකල හැකි ඇතර විශාල එන්ජින්වල සහ දෙපහර එන්ජින්වල 70 'C උෂ්ණත්වයකට ලක්කර සවිකල යුතුය. පසුව හිර වලලු යොදා සවි කිරීම තහවුරු කල යුතුය.
![]() |
- එකම ඒකකයක් ලෙස වාත්තු වානේ වලින් නිපදවා ඇත. ගෙවීම වැලැක්වීම සදහා නිකල්ක්‍රෝමියම් ආලේප කර ඇත.
- සම්බන්දිත දණ්ඩේ මහාකොන බෙයාරිම සවිකර ඇත්තේ දගර කද පුරුක් වලටය. මේවා මහාකොන ජර්නල ලෙස හැදින්වේ.
- දහර කද එන්ජින් බදට තබා සවිකර ඇත්තේ බ්‍රමදර හෙවත් ප්‍රඨාන ජර්නල මගිනි.
- දගර කදේ ඉදිරිපස කැමි දණ්ඩේ එලවුම් රෝදයද, දගර කදේ පසුපස ජවරෝදයද සවිකර ඇත.
- දගර කදේ ප්‍රඨානතම කාර්ය වන්නේ පිස්ටන් ඉහල පහල යමින් ලබාදෙන අනුවැටුම් චලිතය මගින් බ්‍රමන චලිතය නිර්මාණය කිරීමයි.
- මෙය සිදුකර ගැනීම සදහා සම්බන්දිත දණ්ඩ දගර කදට විකේන්ද්‍රිකව සවිකර ඇත.
ජව රෝදය(Fly Wheel)
කැමි දණ්ඩ(Cam Shaft)
![]() |
- සිව්පහර එන්ජිමක වෑල්ව විවෘතවීම සහ වැසීම සදහා උපකාරවන කැමි පිහිටා ඇත්තේ කැමි දණ්ඩේය.
- එක් සිලින්ඩරයක් සදහා සාමන්‍යයෙන් කැමි දෙකක් පිහිටා තිබිය යුතුය. ඒ චූෂන සහ පිටාර වෑල්ව සදහායි.
- කැමි දණ්ඩ මගින් ඉන්දන පොම්පය ක්‍රියාත්මක කරන අතර ඒ අදාල විකේන්ද්‍රිකයද මෙහි පිහිටා ඇත. එසේම ඩිස්ට්‍රිබියුටරය සදහා අවශ්‍යය කැරකුම් බලයද මෙමගින් ලබාදේ.
- දගර කදේ සහ කැමි දණ්ඩේ එලවුම් රෝදවල එලවුම් අනුපාතය 2 : 1කි. මේ නිසා දගර කදේ එලවුම් රෝදයට වඩා කැමි දණ්ඩේ එලවුම් රෝදය දෙගුණයක් විශාලව නිර්මාණය කර ඇත.
- නවීන මෝටර් රථවල කැමි දණ්ඩ පිහිටා ඇත්තේ එන්ජින් හිසේය.
700 'C පමණ උෂ්ණත්වයකට ඔරොත්තු දෙනලෙස මිශ්‍ර වානේ වලින් නිර්මාණය කර ඇත. චූෂන වෑල්වය පිටාර වෑල්වයට වඩා මදක් විශාලව නිර්මාණය කර ඇත.
![]() |
එන්ජිමක කැමි දණ්ඩේ පිහිටීම අනුව වෑල්ව වර්ග 3කි.
1. පැති වෑල්ව
2. මුදුන් වෑල්ව
3. ඇලවර සහ මුදුන් බහු වෑල්ව
මුදුන් කැමිදඩු එන්ජින්(Overhead Cam Engine - OHC)
නවීන මෝටර් රථවල කැමිදන්ඩ පිහිටා ඇත්තේ එන්ජින් හිසේය. මේ නිසා එම එන්ජින් මුදුන් කැමිදඩු එන්ජින් / උඩිස් කැමිදඩු එන්ජින් / OHC ලෙස හැදින්වේ.
වෑල්ව යාන්ත්‍රණය
![]() |
- සිව්පහර එන්ජිමක එක් සිලින්ඩරයක් තුල පිස්ටනයක් සිලින්ඩර චක්‍රරයක් සම්පූර්ණ කරන විට චූෂණ සහ පිටාර වෑල්ව එක් වරක් පමනක් බැගින් විවෘත වේ.
- මෙසේ වෑල්ව විවෘත වීම සහ වැසීම සිදුවිය යුත්තේ සිව්පහර චක්‍රයට අනුරූපවය.
වෑල්ව මුහුර්තනය
නිශ්පාදකයා විසින් ලබා දී ඇති මුහුර්තන සලකුණු බාවිතා කර කැමිදණ්ඩේ එලවුම් රෝදය නිවැරදිව සම්බන්ද කිරීමවෑල්ව මුහුර්තනයයි. එවිට චූෂණ පහරේදී චූෂණ වෑල්වයද ,පිටාර පහරේදී පිටාර වෑල්වයද ,සම්පීඩන පහර වලදී මෙම වෑල්ව දෙකම වසා තබා ගනිමින් වෑල්ව යාන්ත්‍රනය නිවැරදිව සිදු වේ.
වෑල්ව මුහුර්තන සටහන්
සාමන්‍යය මෝටර් රථයක් විනාඩියට වට 3000 පමන කරකැවේ නම් එක් සිලින්ඩරයක් තුල පහරවල් 6000 පමන ක්‍රියාත්මක වේ. තත්පරයකදී වෑල්ව ඇරී පවතින කාලය 1/100කි. මෙම කාලය ඉතා කුඩා කාලයක් නිසා සිලින්ඩරය තුලට හොද වායු ඉන්දන මිශ්‍රනයක් පුරවා ගැනීමට නොහැකි වේ. එවිට බල පහරේ බලයද අඩු වේ. මේ නිසා මෙම තත්වය මගහරවා ගැනීමට නිර්මාණ කරුවන් චූෂන පහරට ස්වල්ප මොහොතකට පෙර චූෂන වෑල්වය විවෘත වීමට සලස්වා සම්පීඩන පහරේ මද දුරක් යනවිටත් චූෂන වෑල්වය විවෘතව තබා ගනී. මේ අනුව චූෂන වෑල්වය 15' පමන පෙර විවෘතව පවතින අතර සම්පීඩන පහරේදී 50' පමන ඇරී පවතී.
පිටාර පහර ක්‍රියාත්මකවන විටද පිටාර වෑල්වය 180' විවෘතව තැබීම ප්‍රමානවත් නොවේ. මේ නිසා බල පහර අවසන් වීමට 50' පමන පෙර පිටාර වෑල්වය විවෘත වන අතර පිටර පහර අවසන් වී චූෂන පහරේ 10' පමන යන තුරු පිටර වෑල්වය විවෘත කර තබයි. මෙසේ චූෂන සහ පිටර වෑල්ව විවෘත වීම සහ වැසීම දක්වන සටහන වෑල්ව මුහුර්තන සටහනයි.
වෑල්ව ටැපට්ටු වාසිය
එන්ජිමක් ක්‍රියාත්මකවීමේදී පිටවන තාපය නිසා වෑල්ව ප්‍රසාරනය වේ. වෑල්ව ක්‍රියාත්මකවන විට මෙම ප්‍රසාරනය නිසා වෑල්ව සහ වෑල්ව තලව්ව ගැටීමකට ලක්වේ. මේ මගින් වෑල්වයට හානි සිදුවිය හැක. මේ නිසා මෙම ප්‍රසාරනය වීමට ඉඩ තබා වෑල්ව සවි කිරීම වෑල්ව ටැපට්ටු වාසිය ලෙස හැදින්වේ.
සාමාන්‍යයෙන් චූෂන වෑල්වය සදහා වෑල්ව ටැපට්ටු වාසිය 0.4 mm- 0.5 mmඅතර වේ. පිටාර වෑල්වය සදහා මෙම අගය 0.1 mm- 0.5 mmඅතර වේ.
රූප සටහනට අනුව මෙහි Gap ස්ථානයට අදාල ස්පර්ශක ආමානය ඇතුල් කර Lock Nut ස්ථානයේ ඇති මුරිච්චිය(Adjustment Screw) මුදු යතුරක් ආදාරයෙන් බුරුල් කර එම ස්ථානයේ ඇති සීරුමාරු ස්කුරුප්පුව කරකැවීමෙන් වෑල්ව ටැපට්ටු වාසිය තිබිය හැක. ටැපට්ටු වාසිය නිවැරදිව තැබූ පසු එම මුරිච්චිය තද කල යුතුය.





























No comments:
Post a Comment