සිව්පහර ඩීසල් එන්ජිම
ඉන්දන ලෙස ඩීසල් බාවිතා කරන දගර කද වට දෙකක් කරකැවෙන විට එක බල පහරක් ලැබෙන එන්ජින් සිව්පහර ඩීසල් එන්ජින් ලෙස හැදින්වේ. මෙහිදී වාතය සම්පීඩනය කර ඒ මතට ඉන්දන විදීමෙන් දහන කාර්ය සිදු වේ. මේ නිසාම ඩීසල් එන්ජිම සමපීඩන දහන එන්ජිම ලෙස හැදින්වේ.
![]() |
E - චූෂන කැමිය
S - ඉන්දන විදිනය
I - පිටාර කැමිය
V - චුෂන සහ පිටාර වෑල්ව
P - පිස්ටනය
R - සම්බන්දිත දණ්ඩ
C - දගර කද
W - ජල කුහර
චූෂන පහර
![]() |
- මෙම අවස්තාවේදී දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.
සම්පීඩන පහර
![]() |
Bottom (B.D.C)වල ඇති පිස්ටනය Top (T.D.C) දක්වා ගමන් කිරීම ආරම්බ වේ. ඒත් සමගම චූෂන වෑල්වය සහ පිටාර වෑල්වය වැසී පවතී. දහන කුටීරයට පැමිනි පිරිසිදු වාතය සම්පීඩනයට ලක් වේ. මෙය සම්පීඩන පහර ලෙස හදුන්වයි.
- නැවතත් දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.
බල පහර
![]() |
Top (T.D.C)වෙත පැමිනි පිස්ටනය ඇත්තේ සම්පීඩනය වූ වාතයත් සමගය. ඒ මතට ඉන්දන විදිනය මගින් ඉන්දන විදීම මගින් දහනය සිදුවේ. මේ අවස්තාවේදී චූෂන සහ පිටාර වෑල්ව දෙකම වැසී පවතී. මෙම පහරේදී ඉන්දන දහනය වීම නිසා ඇතිවන පීඩනයට පිස්ටනය නැවත Bottom (B.D.C) දක්වා ගමන් කරයි. මෙය බල පහර ලෙස හදුන්වයි. එන්ජිමක ක්‍රියාකාරිත්වය පවතින්නේ මෙම බල පහර නමතය.
- නැවතත් දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.
![]() |
- නැවතත් දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.
දෙපහර ඩීසල් එන්ජිම
ඉන්දන ලෙස ඩීසල් බාවිතා කරන දගර කද වට දෙකක් කැරකැවෙන විට එක් බල පහරක් ලැබෙන එන්ජින් දෙපහර ඩීසල් එන්ජින් ලෙස හදුන්වයි. මෙහි ක්‍රියාකාරිත්වය දෙපහර පෙට්‍රල් එන්ජිමට සමාන වුවද වෙනස්කම් කීපයක් පවතී.
1. සිලින්ඩර හිසේ ඉන්දන විදිනයක් තිබීම.
2. පිටාර වෑල්වයක් පමනක් පිහිටා තිබීම.
දෙපහර ඩීසල් එන්ජිමක කොටස්
![]() |
1. ඉන්දන විදිනය
2. පිටාර වෑල්වය
3. චූෂන කවුලුව
4. සිලින්ඩරය
5. පිස්ටනය
6. සම්බන්දිත දණ්ඩ
7. දගර කද
8. පිටාර කවුලුව
![]() |
| Diesel Injector |
උඩුකුරු පහර
![]() |
පිස්ටනය Bottom (B.D.C) හි පවතී. චූෂන කවුලුව විවෘතව ඇති අතර පිටාර වෑල්වය සුලු වශයෙන් විවෘතව ඇත. දහන කුටීරයට අවශ්‍යය පිරිසිදු වාතය කුබුවක ආදාරයෙන් චූෂන කවුලුව තුලින් පැමිනේ. ඉන්පසු පිස්ටනය Top (T.D.C) දක්වා ගමන් කරමින් පවතී. චූෂන කවුලුව සහ පිටාර වෑල්වය වැසී ඇති අතර පිස්ටනය ඉහලට ගමන් කිරීම මගින් දහන කුටීරයේ ඇති වාතය සම්පීඩනය වේ.
- අවශ්‍යය ප්‍රමානයට වාතය සම්පීඩනය වූ පසු ඩීසල් ඉන්දන විදියෙන් ඉන්දන විදීමක් සිදු කරයි.
![]() |
- පිස්ටනය තව දුරටත් ගමන් කිරීමේදී චූෂන කවුලුව විවෘත වී නැවතත් ඉහත ක්‍රියාවලිය අකන්ඩව සිදුවේ.







.gif)


No comments:
Post a Comment