Saturday, December 10, 2022

මෝටර් රථයක ප්‍රදාන පද්ඨති

මෝටර් රථයක් නිසියාකාරව ක්‍රියාත්මක වීමට උපාංග ගණනාවක් අවශ්‍යය වේ. මෙම උපාංග එක්කොට පද්ඨති නිර්මාණය කර ඇත. එම පද්ඨතිවල නිවැරදි ක්‍රියාකාරිත්වයෙන් මෝටර් රථයේ ක්‍රියාකාරිත්වය සිදුවේ.

1.     මූලික ස්වයං චාලක පද්ඨතිය

2.     බල සම්ප්‍රේෂණ පද්ඨතිය

3.     සුක්කානම් පද්ඨතිය

4.     සිසිලන පද්ඨතිය

5.     ස්නේහක පද්ඨතිය

6.     ජ්වලන පද්ඨතිය

7.     ඉන්දන පද්ඨතිය

8.     රෝදක පද්ඨතිය

9.     විදුලි පද්ඨතිය

10.   අවලම්බන පද්ඨතිය


එන්ජිම(Engine)


 ඉන්දනවල ඇති රසායනික   ශක්තිය   දහනය කිරීමෙන් ලබා   ගන්නා තාප   ශක්තියෙන්   යාන්ත්‍රික ශක්තිය   නිපදවන   ශක්ති පරිවර්තන   උපකරනය   එන්ජිමක් ලෙස   හැදින්වේ.

 රසායනික ශක්තිය(ඉන්දන)

          තාප ශක්තිය(දහනය)

                       යාන්ත්‍රික ශක්තිය


මෝටර් රථ සදහා බාවිතා කරන එන්ජින් එහි ක්‍රියාකාරිත්වය අනුව ප්‍රදාන වශයෙන් වර්ග 2කි. එනම් සිව්පහර සහ දෙපහර එන්ජින් ලෙසය. බාවිතා කරන ඉන්දන අනුවද එන්ජින් වර්ග කෙරේ. එනම් සිව්පහර පෙට්‍රල් එන්ජිම සහ සිව්පහර ඩීසල් එන්ජිම වශයෙනි.

මෝටර් රථ සදහා බාවිතා කරන සිව්පහර ඩීසල් සහ පෙට්‍රල් එන්ජින්වල ක්‍රියාකාරිත්වය සමාන වන අතර සුලු වෙනස් කමක් පවතී.


සම්පීඩන අනුපාත (Compression Ratio)

සම්පීඩන පහරට පෙර සිලින්ඩරයේ පරිමාව ,සම්පීඩන පහරට පසු සිලින්ඩරයේ පරිමාවට අනුපාතයක් ලෙස දැක්වීම සමපීඩන අනුපාතයයි.


සම්පීඩන අනුපාතය = (දහන කුටීර පරිමාව + පහරක පරිමාව)
                                    දහන කුටීර පරිමාව



                                             
    එන්ජින් වර්ගීකරනය  
       අබ්‍යන්තර දහන එන්ජින්  ⤶        ⤷ බාහිර දහන එන්ජින්
                 සිලින්ඩර සැකැස්ම අනුව (සිරස්, තිරස්, V වර්ගයේ, තාරකා) එන්ජින්
                 සිලින්ඩර ගණන අනුව (තනි සිලින්ඩර, බහු සිලින්ඩරඑන්ජින්
                 ක්‍රියාකාරී පහර අනුව (දෙපහර, සිව්පහරඑන්ජින්
                 බාවිතා කරන ඉන්දන අනුව (ඩීසල්, පෙට්‍රල්) එන්ජින්
                 සිසිලන ක්‍රමය අනුව (වා සිසිලන, ජල සිසිලන) එන්ජින්
                 ජ්වලන ක්‍රමය අනුව (පුලිගු ජ්වලන, සමපීඩන ජ්වලන)


විවිද එන්ජින් වර්ග කීපයක්










එන්ජිමක විසිරි පෙනුම






Friday, December 9, 2022

බල සම්ප්‍රේෂණ පද්ඨතිය

 බල සම්ප්‍රේෂණ පද්ඨතිය (Power Transmission System)

එන්ජිමේ නිර්මාණය වන කැරකුම් බලය බල හානියකින් තොරව එලවෙන රෝද වෙත සම්ප්‍රේෂණය කිරීම සදහා නිර්මානය කර ඇති පද්ඨතිය සම්ප්‍රේෂණ පද්ඨතිය ලෙස හදුන්වයි. මෝටර් රථයක එන්ජිම සහ එලවන රෝද පිහිටන ස්ථානය අනුව එලවුම් ක්‍රම කීපයකි.


                        ඉදිරි එන්ජිම පසුපස රෝද එලවුම                            


ඉදිරි එන්ජිම ඉදිරි රෝද එලවුම



    පසුපස එන්ජිම පසුපස රෝද එලවුම


                    

සිව් රෝද එලවුම



                



බල සම්ප්‍රේෂණ පද්ඨතියක කොටස්



ක්ලචය(Clutch)


එන්ජිම සහ ගියර පෙට්ටිය අතර සම්බන්දතාවය අවශ්‍යයවිට ක්‍රමානුකූලව ඇති කිරීමටත් යොදා ගනී. මෙහිදී එකිනෙකට චලනයවන පෘශ්ඨ දෙකක් යොදාගෙන ඒ අතර ඇති ඝර්ෂණ බලයෙන් සහ දියර ගතික ගුණයෙන් ක්ලචය ක්‍රියාත්මක වේ.
ඒක තැටි ක්ලචය දගර දුනු සහ ප්‍රාචීර දුනු ලෙස නැවත කොටස් දෙකකි. මේ අතරින් බහුලව බාවිතා කරන්නේ ප්‍රාචීර දුනු ක්ලචයයි. මෙහි ක්ලච් කවරය ,ප්‍රාචීරය සහ පීඩන තැටිය ලෙස කොටස් තුනකින් යුක්තය.


ක්ලචය
වියලි ක්ලචය / ඒකතැටි ක්ලචය       තෙත් ක්ලචය / බහුතැටි ක්ලචය
      දගර දුනු                                                                    බහුතැටි ක්ලචය
      ප්‍රාචීර දුනු                                                                  දියර ක්ලචය
      කේන්ද්‍රාපසාරී ක්ලචය                                         


ක්ලච් තැටියේ ඇඹරුම් බලය අවශෝෂණය කර ගැනීමට දගර දුනු සවි කර ඇත. ඒවා ඇඹරුම් දුනු ලෙස හැදින්වේ. ක්ලචය ක්‍රියාත්මක කරවීමට යාන්ත්‍රික හෝ ද්‍රව බලය යොදා ගනී.


දියර ක්ලචය(Fluid Clutch)

දියර ගුරු රෝදය(Fluid Fly Wheel)


මෙය ද්‍රාව ක්ලචයකි. මේ සදහා ක්ලච් පාදිකයක් යොදා නොගනී. බ්‍රමන වේගයම උපයෝගී කොටගෙන ක්‍රියාත්මක වේ. ව්‍යවර්තන පරිවර්තන ක්ලචයද මෙයට සමාන වේ. මෙය ක්‍රියාත්මක වීමට ද්‍රාව යොදා ගන්නා නිසා පෙර සදහන් කල ඝර්ෂණ ක්ලචය මෙන් ගෙවීමක් සිදු නොවේ. කුඩා මෙන්ම විශාල ප්‍රමානයේ මෝටර් රථ සදහා යොදා ගනී. එන්ජිමේ සිට ගියර පෙට්ටියට ව්‍යවර්තය සම්ප්‍රේෂණය කිරීමට වඩා කාර්යක්ෂම ක්‍රමයක් වේ. මෙහි දෝෂය වන්නේ ද්‍රවයේ දුෂ්ස්‍රාවීතාවය වෙනස් වූ විට ලිස්සීම වැඩිවේ. එසේම කුඩා වෙනස් කිරීමකදී උවද ක්ලචය ක්‍රියාත්මක වීමේදී තෙදරීම ඇති වේ. මෙම ක්‍රමයේදී එන්ජිම ක්‍රියාත්මක නොවන අවස්තාවේදී ගියරයක් යොදා තිබුනද එන්ජිම සම්ප්‍රේෂණ පද්ඨතිය හා සම්බන්ද නොවේ. නවීන ස්වයං සම්ප්‍රේෂණ මෝටර් රථ සදහා මෙම ක්‍රමය යොදා ගනී.


ක්ලචයක කොටස්(Parts of Clutch)




ගියර පෙට්ටිය(Gear Box)


මෝටර් රථයක් විවිද දාවන අවස්ථවලදී ඊට අවශ්‍යය ප්‍රවේග අනුපාතා වලින් දාවනය කිරීම සදහාගියර පෙට්ටියක් යොදා ගනී. ගියර පෙට්ටියේ ඇති ගියර රෝද යොදාගෙන මෝටර් රථය උපරිම සහ අවම වේගය තුල මෝටර් රථය දාවනය කරයි. එසේම මෝටර් රථයක් පසුපසට දාවනය කිරීම සදහා එන්ජිමෙන් ලැබෙන කැරකුම් බලය බ්‍රමන දිශාව වෙනස් කිරීමටද ගියර පෙට්ටියක් යොදාගනී. මෙහිදී සිදු වන්නේ එක් ඊශාවක සිට තවත් ඊශාවකට බලය සම්ප්‍රේෂණය කිරීමයි. මෙහිදී ගියර රෝද දෙකක් හෝ ඊට වැඩි ගනනක් යොදා ගනී. පලමු ගියර රෝදය සහ අවසාන් ගියර රෝදය අතර අනුපාතයක් පවතී.




ගියර අනුපාතය

පලමු ගියරය සහ අවසාන ගියරය අතර පවතින මෙම අනුපාතය ගියර අනුපාතය ලෙස හැදින්වේ.

ගියර   අනුපාතය         =     එලවෙන ගියරයේ දැති ගණන
                                                    එලවන ගියරයේ දැති ගණන



ගියර රෝදවල විශාලත්වය මත ප්‍රවේග අනුපාතය ,ව්‍යාවර්තය සහ කෝණික ප්‍රවේගය අතර සම්බන්දතාවයක් පවතී.










මෝටර් රථවල බහුලව බාවිතා කරන ගියර අනුපාත

ගියරය                 අනුපාතය

පලමු(1st)                 3.538 : 1
දෙවනි(2nd)             2.041 : 1
තෙවනි(3rd)            1.322 : 1
හතරවෙනි(4th)     0.945 : 1
පස්වෙනි(5th)          0.731 : 1
පසුපස(Rivers)        3.153 : 1



ගියර රෝද යොදා ගැනීමේ යාන්ත්‍රික වාසි

1.බ්‍රමන දිශාව වෙනස් කිරීම


A ගියර රෝදය කරකෙන දිශාවට විරුද්ද දිශාවට B ගියර රෝදය කරකැවේ. එනම් ඉරට්ටේ සංක්‍යාවකට ගියර රෝද සම්බන්ද කලවිට බ්‍රමන දිශාව වෙනස් කල හැක. පලමු ගියර රෝදය කරකැවෙන දිශාවටම දෙවන ගියර රෝදය කරකැවීමට එම රෝද දෙක අතරට අකම් ගියරයක් යෙදිය යුතුය.




2.ප්‍රවේග අනුපාත නිර්මාණය කරගත හැක


A රෝදයේ දැති ගණන අඩු නිසා එය B රෝදයට වඩා වැඩි වේගයෙන් කවකැවේ. නමුත් B රෝදයේ වේගය අඩු වේ. එනම් ප්‍රවේග අනුපාතයක් නිර්මාණය වී ඇත. ගියර රෝදයේ වේගය වැඩිවන විට ව්‍යාවර්තය අඩුයි. වේගය අඩුවන විට ව්‍යාවර්තය වැඩියි.







3.අඩු ආයාසයකින් වැඩි කාර්යයක් කිරීමට හැකි වීම


A ගියර රෝදය ක්‍රියාත්මක කිරීමට වැයවන ආයාසය අඩුය. එම අඩු ආයාසයෙන් B ගියර රෝදය කරකැවිය හැක.















Welcome To My Blog

 

Popular Posts