Monday, November 28, 2022

දෙපහර සහ සිව්පහර ඩීසල් එන්ජිම

 සිව්පහර ඩීසල් එන්ජිම

ඉන්දන ලෙස ඩීසල් බාවිතා කරන දගර කද වට දෙකක් කරකැවෙන විට එක බල පහරක් ලැබෙන එන්ජින් සිව්පහර ඩීසල් එන්ජින් ලෙස හැදින්වේ. මෙහිදී වාතය සම්පීඩනය කර ඒ මතට ඉන්දන විදීමෙන් දහන කාර්ය සිදු වේ. මේ නිසාම ඩීසල් එන්ජිම සමපීඩන දහන එන්ජිම ලෙස හැදින්වේ.


E - චූෂන කැමිය

S - ඉන්දන විදිනය

I - පිටාර කැමිය

V - චුෂන සහ පිටාර වෑල්ව

P - පිස්ටනය

R - සම්බන්දිත දණ්ඩ

C - දගර කද

W - ජල කුහර



චූෂන පහර


පිස්ටනය Top (T.D.C) සිට Bottom (B.D.C) දක්වා ගමන් කිරීම ආරම්බ වේ. ඒත් සමගම චූෂන වෑල්වය පමණක් විවෘත වී පිරිසිදු වාතය දහන කුටීරයට පැමිනේ. මෙය චූෂන පහර ලෙස හදුන්වයි.

  • මෙම අවස්තාවේදී දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.





සම්පීඩන පහර


Bottom (B.D.C)වල ඇති පිස්ටනය Top (T.D.C) දක්වා ගමන් කිරීම ආරම්බ වේ. ඒත් සමගම චූෂන වෑල්වය සහ පිටාර වෑල්වය වැසී පවතී. දහන කුටීරයට පැමිනි පිරිසිදු වාතය සම්පීඩනයට ලක් වේ. මෙය සම්පීඩන පහර ලෙස හදුන්වයි.

  • නැවතත් දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.




බල පහර


Top (T.D.C)වෙත පැමිනි පිස්ටනය ඇත්තේ සම්පීඩනය වූ වාතයත් සමගය. ඒ මතට ඉන්දන විදිනය මගින් ඉන්දන විදීම මගින් දහනය සිදුවේ. මේ අවස්තාවේදී චූෂන සහ පිටාර වෑල්ව දෙකම වැසී පවතී. මෙම පහරේදී ඉන්දන දහනය වීම නිසා ඇතිවන පීඩනයට පිස්ටනය නැවත Bottom (B.D.C) දක්වා ගමන් කරයි. මෙය බල පහර ලෙස හදුන්වයි. එන්ජිමක ක්‍රියාකාරිත්වය පවතින්නේ මෙම බල පහර නමතය.

  • නැවතත් දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.


පිටාර පහර


බල පහරේ දහනයෙන් ඇතිවුනු පීඩනයට Top (T.D.C)දක්වා පැමිනි පිස්ටනය දහනය වූ ඉන්දන මිශ්‍රනය දහන කුටීරයෙන් ඉවත් කිරීමට පිස්ටනය නැවතත් Bottom (B.D.C) දක්වා ගමන් කරයි. දහනය වූ ඉන්දන දහන කුටීරයෙන් පිටකිරීම සදහා පිටාර වෑල්වය පමනක් විවෘත වේ. සිව්පහර චක්‍රයේ අවසාන පහර වන මෙය පිටාර පහර ලෙස හදුන්වයි.

  • නැවතත් දගර කද වට 1/2ක් ද, කැමි දණ්ඩ වට 1/4ක් ද කරකැවේ.


දෙපහර ඩීසල් එන්ජිම

ඉන්දන ලෙස ඩීසල් බාවිතා කරන දගර කද වට දෙකක් කැරකැවෙන විට එක් බල පහරක් ලැබෙන එන්ජින් දෙපහර ඩීසල් එන්ජින් ලෙස හදුන්වයි. මෙහි ක්‍රියාකාරිත්වය දෙපහර පෙට්‍රල් එන්ජිමට සමාන වුවද වෙනස්කම් කීපයක් පවතී.

1. සිලින්ඩර හිසේ ඉන්දන විදිනයක් තිබීම.

2. පිටාර වෑල්වයක් පමනක් පිහිටා තිබීම.

දෙපහර ඩීසල් එන්ජිමක කොටස්


1. ඉන්දන විදිනය

2. පිටාර වෑල්වය

3. චූෂන කවුලුව

4. සිලින්ඩරය

5. පිස්ටනය

6. සම්බන්දිත දණ්ඩ

7. දගර කද

8. පිටාර කවුලුව


Diesel Injector


උඩුකුරු පහර


පිස්ටනය Bottom (B.D.C) හි පවතී. චූෂන කවුලුව විවෘතව ඇති අතර පිටාර වෑල්වය සුලු වශයෙන් විවෘතව ඇත. දහන කුටීරයට අවශ්‍යය පිරිසිදු වාතය කුබුවක ආදාරයෙන් චූෂන කවුලුව තුලින් පැමිනේ. ඉන්පසු පිස්ටනය Top (T.D.C) දක්වා ගමන් කරමින් පවතී. චූෂන කවුලුව සහ පිටාර වෑල්වය වැසී ඇති අතර පිස්ටනය ඉහලට ගමන් කිරීම මගින් දහන කුටීරයේ ඇති වාතය සම්පීඩනය වේ.

  • අවශ්‍යය ප්‍රමානයට වාතය සම්පීඩනය වූ පසු ඩීසල් ඉන්දන විදියෙන් ඉන්දන විදීමක් සිදු කරයි.


යටිකුරු පහර



උඩුකුරු පහරේදී සම්පීඩනය වූ වතයට ඉන්දන විදීම නිසා දහන‍යක් සිදුවන අතර එම තාපය නිසා පිස්ටනය Bottom (B.D.C) දක්වා තල්ලු වේ. ඒ සමගම පිටාර වෑල්වය විවෘත වී දහනය වූ වායු ඉන්දන මිශ්‍රනය  සිලින්ඩරයෙන් පිටතට ගමන් කරයි.

  • පිස්ටනය තව දුරටත් ගමන් කිරීමේදී චූෂන කවුලුව විවෘත වී නැවතත් ඉහත ක්‍රියාවලිය අකන්ඩව සිදුවේ.







Sunday, November 20, 2022

එන්ජිමක මූලික කොටස්

 ‍එන්ජින්බද (Engine Block)


මෝටර් රථයක දාවන කර්ය සදහා අවශ්‍යය බ්‍රමන ශක්තිය නිර්මාණය කරන්නේ එන්ජිම මගින් එන්ජින් බද ඊට සුදුසු ලෙස වාත්තු වානේ වලින් නිපදවා ඇත.

  • ජල සිසිලන එන්ජිමක නම් එන්ජින් බදේ ජල කුහර පිහිටා ඇත.
  • වා සිසිලන එන්ජිමක නම් එන්ජින් බදේ වා සිසිලන වරල් පිහිටා තිබේ.
  • එන්ජින් බදට ඉහලින් එන්ජින් හිස සවිකර ඇත.
  • එන්ජින් බදට පහලින් තෙල් දෙන පිහිටා ඇත.

සිලින්ඩර(Cylinder)



  • දහන ක්‍රියාවලියේදී උපදින තාපය මගින් ලැබෙන ශක්තියෙන් පිශ්ටනය ඉහල පහල ගමන් කිරීමට සකස් කර ඇති මාර්ගය සිලින්ඩරයයි.
  • ඉන්දන දහනය වන දහන කුටීරය බොහෝ විට පිහිට ඇත්තේ සිලින්ඩරය තුලයි.
  • උපදින අදික තාපයට සහ ගෙවීමට ඔරොත්තු දෙනලෙස නිකල් ක්‍රෝමියම් වැනි ලෝහ වලින් නිපද වේ.



එන්ජින් ගෙවීමක් සිදිවීමේදී සිලින්ඩර ගෙවීමක් සිදුවේ. සාමන්‍යයෙන් මෝටර් රථයක් 6000 - 10000 පමන දාවනය කලවිට සිලින්ඩරය 0.1 ගෙවීයයි. මෙය සාමාන්‍යය ගෙවීම ලෙස හදුන්වයි. මේ සදහා,
  • පැති තෙරපුම
  • වියලි ඝර්ෂණය
  • පිස්ටන් ඇනය
  • පිස්ටන් වලලු
  • අම්ලකර 
මගින් ගෙවීමට ලක්වේ. මෙසේ ගෙවීම බෝරේ නැවත සකස් කිරීම මගින් අලුත්වැඩියා කරගත හැකිය.
ඉහත සාමාන්‍යය ගෙවීමට අමතර එන්ජිමක සිලින්ඩර අසාමාන්‍යය ගෙවීමකට ලක්විය හැක. 
  • අපවිත්‍ර ස්නේහක තෙල් වලලු යට තැන්පත් වීම.
  • ස්නේහක තෙල්වල බොර සහ මන්ඩි සෑදීම.
  • නිසියාකාරව වාෂ්ප නොවූ අමු ඉන්දන දහන කුටීරයට පැමිනීම.
මෙම ගෙවීම වලක්වා ගැනීමට,
  • පිරිසිදු ස්නේහක තෙල් බාවිතය හා ඉන්දන පද්ඨතිය හොදින් සුසර කිරීම මගින් මග හරවා ගත හැක.

සිලින්ඩර ලයිනර් (Liner)


                                            
එන්ජිමක සිලින්ඩර ගෙවුනුවිට එහි බෝරය නැවත සකස් කල යුතුවේ.මේ සදහා එන්ජින් බදම සම්පූර්නයෙන් යොදා ගැනීම අපහසු වේ. මේ සදහා ඊට පිලියමක් ලෙස සිලින්ඩරය තුල ලයිනර් සවිකර ඇත. සිලින්ඩරයක් ගෙවුනුවිට සිදි කරන්නේ මෙම ලයිනර් ගලවා අලුතින් යෙදීමයි.ලයිනර් ප්‍රදාන වශයෙන් වර්ග 2කි.

1. තෙත් ලයිනර්
2.වියලි ලයිනර්

 

  • තෙත් ලයිනර් ක්‍රමයේදී ජල කුහරය ඍජුව ලයිනරය හා ගැටේ. මේ සදහා හොදින් මුද්‍රා කල යුතුය.
  • වියලි ලයිනර් ක්‍රමයේදී සිලින්ඩරය පිහිටා ඇත්තේ සිලින්ඩරය තුල නිසා ඉහත ගැටලු ඇති නොවේ.

සිලින්ඩර හිස(Cylinder Head)


  • එන්ජින් බදට ඉහලින් පිහිටා ඇත.බොහෝවිට දහන කුටීරය පිහිටා ඇත්තේ මේ තුලය. පෙට්‍රල් එන්ජිමක දහන කාර්ය සදහා අවශ්‍යය වන පුලිගු පේනුව මෙහි සවිකර ඇත. ඩීසල් එන්ජිමකනම් ඉන්දන විදිනය එන්ජින් හිසේ සවිකර ඇත. 
  • සිව්පහර එන්ජිමක නම් එන්ජින් හිසේ වෑල්ව, දුනු, කැමි දන්ඩ ,සලැගිලි ආදිය පිහිටා ඇත. මීට  අමතරව චූෂන සහ පිටාර කවුලු පිහිටා ඇත.
  • ජල සිසිලන එන්ජිමක එන්ජින් හිස බදට අනුරූපව ජල කුහර පිහිටා ඇති අතර වා සිසිලන එන්ජිමක එන්ජින් හිසේ සිසිලන වරල් පිහිටා ඇත.
  • එන්ජින් හිස එන්ජින් බදට සවිකර ඇත්තේ දෙකොන පොට ඇණ මගිනි. ඇණ සවිකිරීමට සහ ගැලවීමට වියවර්තන රෙන්චියක් යොදාගත යුතුය. ඇණ සවිකිරීමේදී සිදු කරන්නේ මැදින් පටන්ගෙන දෙපසට සවිකිරීමයි. ඇණ ගැලවීමේදී අවසන් වරට සවිකල ඇණයේ සිට ඇතුලට ගැලවීම සිදුකල යුතුය. ඇණ තද කරන ආකාර 2කි,
1. හරස් අතට ඇණ තද කිරීම





එන්ජින් හිසක ඇණ ගැලවීමට සහ සවිකිරීමට යොදා ගන්නා වියවර්තන රෙන්චියේ අඩි රාත්තල් සහ නිවුටන් මීටර් වලින් ක්‍රමාංකනය කර ඇත.

2. හෙලෙන්සීය ක්‍රමය




ගෑස්කටය(Gasket)


  • එන්ජින් හිස එන්ජින් බදට සවිකල පසු ඒ අතරින් ජලය හෝ වාතය කාන්දුවිය හැක.
  • එය වලක්වා ගැනීමට තුනී තඹ තහඩුවක ඇස්බැස්ටෝස් මිශ්‍රනයක් යොදා නිර්මාණය කර ඇත.
  • එන්ජින් හිසක් ගලවන සෑම අවස්තාවකදීම අලුත් ගෑස්කටයක් යෙදිය යුතුය.




තෙල් දෙන(Oil Sump)


  • ස්නේහන පද්ඨතිය සදහා අවශ්‍ය ස්නේහක තෙල් තාවකාලිකවගබඩා කර තබන්නේ තෙල් දෙන තුලය.
  • මේ මගින් දගර කදට ආරක්ෂාවද සපයයි.
  • ස්නේහක තෙල් කැලතීම වැලැක්වීමට හරස් අතට කලම්ප යොදා ඇත.
  • දැවුනු ස්නේහක තෙල් ඉවත් කිරීම සදහා චුම්බක පේනුවක් ඇත.


පිස්ටන්(Piston)


  • පිස්ටනයේ ප්‍රඨානතම කාර්ය වන්නේ සිලින්ඩරය තුල සිදුවන දහන ක්‍රියාවලියේදී උපදින තාපයෙන් දගර කද කරකැවීමයි.
  • ඇලුමීනියම් මිශ්‍ර ලෝහයෙන් කුහර සිලින්ඩරාකාර හැඩයට නිර්මාණය කර ඇත.
  •  පිස්ටන් හිසේ පිස්ටන් වලලු සම්බන්ද කිරීමට වලලු ඇලි සකස් කර ඇත.
  •  මෙම වලලු ඇලිවල සම්පීඩන සහ තෙල් පාලන වලලු සවිකර ඇත.



පිස්ටනයෙන් සිදුවන කාර්යන්





  • සිලින්ඩරය තුල දහන ක්‍රියාවලියෙන් උපදින තාපය උපයෝගී කරගෙන දගර කද කරකැවීම.
  • දගර කද කුටීරය සහ දහන කුටීරය අතර හොද මුද්‍රාවක් තබා ගැනීම.
  • දෙපහර එන්ජිමක මිශ්‍රණය ගලායාම වැලැක්වීම.
  • පිස්ටනයේ මුදුනට එල්ලවන දැඩි තාපය සම්පූර්ණයෙන්ම සහ ක්ෂණිකව සිලින්ඩර බිත්තියටද ඉන්පසු සිසිලන පද්ඨතියටද හුවමාරු කරයි.


















පිස්ටනයේ කොටස්(Parts of the piston)



පිස්ටන් හිස(Piston Head)


  • සම්පීඩනය වන වායු ඉන්දන මිශ්‍රනයක් දහනය කිරීමෙන් ලබා ගන්නා තාප ශක්තියෙන් දගර කද කරකැවීමේ කාර්ය ප්‍රඨාන වශයෙන් සිදු කරන්නේ පිස්ටන් හිස මගිනි.
  • පිස්ටන් හිසේ ඇති වලලු ඇලි තුල පිස්ටන් වලලු පිහිටා ඇත.
  • සම්පීඩන වලලු මගින් සම්පීඩනයවන වායු ඉන්දන මිශ්‍රනය කාන්දුවීම වලක්වන අතර තෙල් පාලන වලල්ල මගින් සිලින්ඩර බිත්තියේ නොකඩවා තෙල් සීරාවක් පවත්වාගෙන යන අතර වැඩිපුර තෙල් පිසදමයි.


පිස්ටනයකට පිස්ටන් වලලු සවි කිරීම


1. අදාල පිස්ටන් වලල්ල අදාල පිස්ටන අයත් බෝරයට ඇතුල් කිරීම.

2. ස්පර්ෂක ආමානයක් ගෙන නිශ්පාදකයා ප්‍රකාශ කර ඇති ආකාරයට මූට්ටු පරතරය නිවැරදිව ඇත්දැයි බැලීම.(එම ප්‍රමානයට වඩා අඩුනම් සකස් කර බාවිතා කරන අතර වැඩිනම් බාවිතා නොකරයි)

3. ඉන්පසු නියමිත ප්‍රමානයට ඇති පිස්ටන් වලල්ල බෝරයෙන් ඉවත්කර පිස්ටන් හිසේ වලලු ඇලි වලට ඇතුල් කිරීම.

4. පිස්ටන් වලලු ඇතුල් කල පසු වලලු මූට්ටු එක එල්ලේ නොඑන ලෙස 120' කෝණයකින් හරවා තිබීම.


පිස්ටන් වලලුවල මූට්ටු අතර පරතරය නිවැර්‍රදිව තිබිය යුතු වන්නේ එන්ජිම ක්‍රියාකිරීමෙන් හට ගන්නා තාපයෙන් මූට්ටු එකිනෙක ගැටී කැඩී යා හැකි නිසයි. සාමන්‍යයෙන් මූට්ටු අතර පරතරය 0.2 - 0.5mm අතර වේ.



පිස්ටන් අත(Piston Rod)/සම්බන්දක දන්ඩ(Connecting Rod)


  • පිස්ටනයට ලැබෙන යටි තෙරපුම් බලය දගර කද වෙත සම්ප්‍රේෂනය කිරීමට යොදා ගනී. 
  • පිස්ටන් හිස සම්බන්දවන ස්ථානය කුඩාකොන බෙයාරිම ලෙසද, දගර කද සම්බන්දවන ස්ථානය මහාකොන බෙයාරිම ලෙසද හැදින්වේ.
  •  කාබන් හෝ මිශ්‍ර කාබන් වලින් නිපදවා ඇත. සැහැල්ලු මෝටර් රථවල ඇලුමීනියම් වලින් නිපදවා ඇත.
  • එන්ජිමක ඇති සියලු සම්බන්දිත දඩු සමාන බ‍රින් යුක්ත විය යුතුය. 


පිස්ටන් ඇණය(Gudgeon Pin)


  • පිස්ටන් හිස සම්බන්දිත දණ්ඩට සවිකර ඇත්තේ පිස්ටන් ඇණය මගිනි.
  • මෙහි මතුපිට පෘශ්ඨය දැඩියම් කර නිශ්පාදනය කර ඇත. මේ සදහා වානේ යොදා ගන්නා අතර ඇතුලත කුහරයක් සහිතව නිවැරදි මිනුම් වලට සවිකර ඇත.
  •  කුඩා එන්ජින්වල මෙය අතින් සවිකල හැකි ඇතර විශාල එන්ජින්වල සහ දෙපහර එන්ජින්වල 70 'C උෂ්ණත්වයකට ලක්කර සවිකල යුතුය. පසුව හිර වලලු යොදා සවි කිරීම තහවුරු කල යුතුය.



දගර කද (Crankshaft)



  • එකම ඒකකයක් ලෙස වාත්තු වානේ වලින් නිපදවා ඇත. ගෙවීම වැලැක්වීම සදහා නිකල්ක්‍රෝමියම් ආලේප කර ඇත.
  • සම්බන්දිත දණ්ඩේ මහාකොන බෙයාරිම සවිකර ඇත්තේ දගර කද පුරුක් වලටය. මේවා මහාකොන ජර්නල ලෙස හැදින්වේ.
  • දහර කද එන්ජින් බදට තබා සවිකර ඇත්තේ බ්‍රමදර හෙවත් ප්‍රඨාන ජ‍ර්නල මගිනි.
  • දගර කදේ ඉදිරිපස කැමි දණ්ඩේ එලවුම් රෝදයද, දගර කදේ පසුපස ජවරෝදයද සවිකර ඇත.
  • දගර කදේ ප්‍රඨානතම කාර්ය වන්නේ පිස්ටන් ඉහල පහල යමින් ලබාදෙන අනුවැටුම් චලිතය මගින් බ්‍රමන චලිතය නිර්මාණය කිරීමයි.
  • මෙය සිදුකර ගැනීම සදහා සම්බන්දිත දණ්ඩ දගර කදට විකේන්ද්‍රිකව සවිකර ඇත.

ජව රෝදය(Fly Wheel)


  • මෙහි කාර්ය වන්නේ බල පහරේදී ලබාදෙන කැරකුම් බලය රදවාගෙන අනෙකුත් පහරවල් කරකැවීම සදහා එම බලය මුදා හැරීම.
  • එන්ජිම පනගැන්වීමට යොදාගන්නා ක්‍රියා ආරම්බක මෝටරය සම්බන්ද කර ගැනීම.(මේ සදහා ජව රෝදයේ දැති වලල්ලක් පිහිටා ඇත)
  • ක්ලචය දරා සිටින්නේද ජව රෝදය මගිනි.



කැමි දණ්ඩ(Cam Shaft)


  • සිව්පහර එන්ජිමක වෑල්ව විවෘතවීම සහ වැසීම සදහා උපකාරවන කැමි පිහිටා ඇත්තේ කැමි දණ්ඩේය.
  • එක් සිලින්ඩරයක් සදහා සාමන්‍යයෙන් කැමි දෙකක් පිහිටා තිබිය යුතුය. ඒ චූෂන සහ පිටාර වෑල්ව සදහායි.
  • කැමි දණ්ඩ මගින් ඉන්දන පොම්පය ක්‍රියාත්මක කරන අතර ඒ අදාල විකේන්ද්‍රිකයද මෙහි පිහිටා ඇත. එසේම ඩිස්ට්‍රිබියුටරය සදහා අවශ්‍යය කැරකුම් බලයද මෙමගින් ලබාදේ.
  • දගර කදේ සහ කැමි දණ්ඩේ එලවුම් රෝදවල එලවුම් අනුපාතය 2 : 1කි. මේ නිසා දගර කදේ එලවුම් රෝදයට වඩා කැමි දණ්ඩේ එලවුම් රෝදය දෙගුණයක් විශාලව නිර්මාණය කර ඇත.
  • නවීන මෝටර් රථවල කැමි දණ්ඩ පිහිටා ඇත්තේ එන්ජින් හිසේය.


වෑල්ව (Valve)


  • සිව්පහර එන්ජිමක වායු ඉන්දන මිශ්‍රනය හෝ වාතය සිලින්ඩරයට පැමිණීමටත් දැවුනු වායු ඉන්දන මිශ්‍රණය සිලින්ඩරයෙන් පිටතට යැවීමටත් වෑල්ව යොදා ගනී. 
  • එන්ජිමක සෑම සිලින්ඩරයකටම වෑල්ව 2ක් පිහිටා තිබිය යුතුය.
1. චූෂන වෑල්වය
2. පිටාර වෑල්වය





700 'C පමණ උෂ්ණත්වයකට ඔරොත්තු දෙනලෙස මිශ්‍ර වානේ වලින් නිර්මාණය කර ඇත. චූෂන වෑල්වය පිටාර වෑල්වයට වඩා මදක් විශාලව නිර්මාණය කර ඇත.




එන්ජිමක කැමි දණ්ඩේ පිහිටීම  අනුව වෑල්ව වර්ග 3කි.
1. පැති වෑල්ව
2. මුදුන් වෑල්ව
3. ඇලවර සහ මුදුන් බහු වෑල්ව



මුදුන් කැමිදඩු එන්ජින්(Overhead Cam Engine - OHC)

නවීන මෝටර් රථවල කැමිදන්ඩ පිහිටා ඇත්තේ එන්ජින් හිසේය. මේ නිසා එම එන්ජින් මුදුන් කැමිදඩු එන්ජින් / උඩිස් කැමිදඩු එන්ජින් / OHC ලෙස හැදින්වේ.







වෑල්ව යාන්ත්‍රණය


  • සිව්පහර එන්ජිමක එක් සිලින්ඩරයක් තුල පිස්ටනයක් සිලින්ඩර චක්‍රරයක් සම්පූර්ණ කරන විට චූෂණ සහ පිටාර වෑල්ව එක් වරක් පමනක් බැගින් විවෘත වේ.
  • මෙසේ වෑල්ව විවෘත වීම සහ වැසීම සිදුවිය යුත්තේ සිව්පහර චක්‍රයට අනුරූපවය.











වෑල්ව මුහුර්තනය

නිශ්පාදකයා විසින් ලබා දී ඇති මුහුර්තන සලකුණු බාවිතා කර කැමිදණ්ඩේ එලවුම් රෝදය නිවැරදිව සම්බන්ද කිරීමවෑල්ව මුහුර්තනයයි. එවිට චූෂණ පහරේදී චූෂණ වෑල්වයද ,පිටාර පහරේදී පිටාර වෑල්වයද ,සම්පීඩන පහර වලදී මෙම වෑල්ව දෙකම වසා තබා ගනිමින් වෑල්ව යාන්ත්‍රනය නිවැරදිව සිදු වේ.









වෑල්ව මුහුර්තන සටහන්

සාමන්‍යය මෝටර් රථයක් විනාඩියට වට 3000 පමන කරකැවේ නම් එක් සිලින්ඩරයක් තුල පහරවල් 6000 පමන ක්‍රියාත්මක වේ. තත්පරයකදී වෑල්ව ඇරී පවතින කාලය 1/100කි. මෙම කාලය ඉතා කුඩා කාලයක් නිසා සිලින්ඩරය තුලට හොද වායු ඉන්දන මිශ්‍රනයක් පුරවා ගැනීමට නොහැකි වේ. එවිට බල පහරේ බලයද අඩු වේ. මේ නිසා මෙම තත්වය මගහරවා ගැනීමට නිර්මාණ කරුවන් චූෂන පහරට ස්වල්ප මොහොතකට පෙර චූෂන වෑල්වය විවෘත වීමට සලස්වා සම්පීඩන පහරේ මද දුරක් යනවිටත් චූෂන වෑල්වය විවෘතව තබා ගනී. මේ අනුව චූෂන වෑල්වය 15' පමන පෙර විවෘතව පවතින අතර සම්පීඩන පහරේදී 50' පමන ඇරී පවතී.




පිටාර පහර ක්‍රියාත්මකවන විටද පිටාර වෑල්වය 180' විවෘතව තැබීම ප්‍රමානවත් නොවේ. මේ නිසා බල පහර අවසන් වීමට 50' පමන පෙර පිටාර වෑල්වය විවෘත වන අතර පිටර පහර අවසන් වී චූෂන පහරේ 10' පමන යන තුරු පිටර වෑල්වය විවෘත කර තබයි. මෙසේ චූෂන සහ පිටර වෑල්ව විවෘත වීම සහ වැසීම දක්වන සටහන වෑල්ව මුහුර්තන සටහනයි.



වෑල්ව ටැපට්ටු වාසිය

එන්ජිමක් ක්‍රියාත්මකවීමේදී පිටවන තාපය නිසා වෑල්ව ප්‍රසාරනය වේ. වෑල්ව ක්‍රියාත්මකවන විට මෙම ප්‍රසාරනය නිසා වෑල්ව සහ වෑල්ව තලව්ව ගැටීමකට ලක්වේ. මේ  මගින් වෑල්වයට හානි සිදුවිය හැක. මේ නිසා මෙම ප්‍රසාරනය වීමට ඉඩ තබා වෑල්ව සවි කිරීම වෑල්ව ටැපට්ටු වාසිය ලෙස හැදින්වේ.







සාමාන්‍යයෙන් චූෂන වෑල්වය සදහා වෑල්ව ටැපට්ටු වාසිය 0.4 mm- 0.5 mmඅතර වේ. පිටාර වෑල්වය සදහා මෙම අගය 0.1 mm- 0.5 mmඅතර වේ.



රූප සටහනට අනුව මෙහි Gap ස්ථානයට අදාල ස්පර්ශක ආමානය ඇතුල් කර Lock Nut ස්ථානයේ ඇති මුරිච්චිය(Adjustment Screw) මුදු යතුරක් ආදාරයෙන් බුරුල් කර එම ස්ථානයේ ඇති සීරුමාරු ස්කුරුප්පුව  කරකැවීමෙන් වෑල්ව ටැපට්ටු වාසිය තිබිය හැක. ටැපට්ටු වාසිය නිවැරදිව තැබූ පසු එම මුරිච්චිය තද කල යුතුය.











Tuesday, November 8, 2022

දෙපහර සහ සිව්-පහර පෙට්‍රල් එන්ජිම

එන්ජින් ධාරිතාව ගණනය කිරීම

එන්ජිමේ ධාරිතාව ගණනය කරනු ලබන්නේ පිස්ටනයේ හරස්කඩ වර්ගපලය පහරක  උසින් ගුණ කිරීමෙනි.




 එන්ජින්      =     හරස්කඩ     *     පහරක  
 ධාරිතාව           වර්ගපලය            උස
  

                        =     154     *     12

                        =     1848 CC








සිව්පහර පෙට්‍රල් එන්ජිම

ඉන්ධන ලෙස පෙට්‍රල් භාවිතා කරන දගර කද  වට දෙකක් කැරකෙන විට එක් බල පහරක් ලැබෙන එන්ජිමක් සිව්-පහර පෙට්‍රල් එන්ජිමක් ලෙස හැඳින්වේ. මෙම එන්ජිම බාහිර පුලිගුවක් සමඟ වායු ඉන්ධන මිශ්‍රණයක් සම්පීඩනය කර පුළුස්සා දමයි. ඒ නිසා මෙය පුලිගු ජ්වලන එන්ජිමක් ලෙසද හදුන්වයි. මෙහි පහරවල් 4 ක් ඇත.

                



    1.     චූෂන පහර                                                   

    2.     සම්පීඩන පහර

    3.     බල පහර   

    4.     පිටාර පහර





සිව්පහර එන්ජිමක කොටස්


 1.    පුලිගු පේනුව

 2.    පිටාර වෑල්වය

 3.    චූෂන වෑල්වය

 4.    සිලින්ඩරය

 5.    පිශ්ටනය

 6.    සම්බන්දක දන්ඩ

 7.    දගර කද

 8.    පිටාර කව්ලුව

 9.    චූෂන කව්ලුව




 


චූෂන පහර 



පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි. චූෂන වෑල්වය විවෘතයි. පිටාර වෑල්වය වැසී ඇත. වායු ඉන්ධන මිශ්‍රණයක් චූෂන වෑල්වයෙන් සිලින්ඩරයට ඇතුල් වේ.

  •     දගර කද වට 1/2 ක් කරකැවේ.
  •     කැමි දන්ඩ වට 1/4 ක් කරකැවේ.



සම්පීඩන පහර


පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි. චූෂන වෑල්වය සහ පිටාර වෑල්වය වැසී ඇත. එවිට සිලින්ඩරය තුල ඇති වායු ඉන්ධන මිශ්‍රණය සම්පීඩනය වේ. 
  •   දගර කද තවත් වට 1/2 ක් කරකැවේ.
  •   කැමි දන්ඩ තවත් වට 1/4 ක් කරකැවේ. 

බල පහර 


පිස්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි. චූෂන වෑල්වය සහ පිටාර වෑල්වය වැසී ඇත. එවිට සිලින්ඩරය තුල ඇති වායු ඉන්ධන මිශ්‍රණය දහනය වීම සිදු වේ.
  •   දගර කද තවත් වට 1/2 ක් කරකැවේ.
  •   කැමි දන්ඩ තවත් වට 1/4 ක් කරකැවේ. 


පිටාර පහර


පිස්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි.  
පිටාර වෑල්වයවිවෘතයි.  චූෂන වෑල්වය වැසී ඇත.  දැවුනු වායු ඉන්ධන මිශ්‍රණය දහන කුටීරයෙන් පිටතට ගමන් කරයි.සිව්පහර චක්‍රයක අවසාන පහරයි.
  •   දගර කද තවත් වට 1/2 ක් කරකැවේ.
  •   කැමි දන්ඩ තවත් වට 1/4 ක් කරකැවේ.  

 

දෙපහර පෙට්‍රල් එන්ජිම

ඉන්ධන ලෙස පෙට්‍රල් භාවිතා කරන දගර කද  එක් වටයක් කැරකෙන විට එක් බල පහරක් ලැබෙන එන්ජිමක් දෙපහර පෙට්‍රල් එන්ජිමක් ලෙස හැඳින්වේ.සැහැල්ලු මෝටර් රථ , යතුරු පැදි , කුෂි උපකරන සදහා බාවිතා කරයි. මෙහි පහරවල් 2 ක් ඇත.

1.     උඩුකුරු පහර
2.     යටිකුරු පහර


දෙපහර එන්ජිමක කොටස්




1.     සිලින්ඩරය

2.    පිශ්ටනය

3.    චූෂන කව්ලුව

4.    පිටාර කව්ලුව

5.    පුලිගු පේනුව

6.    සම්බන්දිත දන්ඩ

7.    දගර කද

8.    දගර කද කුටීරය

9.    අතුරුමාරු කව්ලුව


දෙපහර චක්‍රය


උඩුකුරු පහර

පිශ්ටනය BDC සිට TDC දක්වා ගමන් කරයි. එවිට open වන චූෂන කවුලුවෙන් වායු ඉන්ධන ස්නේහක මිශ්‍රණයක් දගරකද කුටීරයට පැමිනේ.
මීට පෙර පැමිනි ඉන්ධන මිශ්‍රණය පිශ්ටනයමුදුනේ ඇති නිස එය සම්පීඩනය වේ.


යටිකුරු පහර

උඩුකුරු පහරේදී සම්පීඩනය වූ වායු ඉන්ධන ස්නේහක මිශ්‍රණය එම පහර අවසානයේදී විද්‍යුත් පුලිගුවක් මගින් දහනය වීම නිසා පිශ්ටනය TDC සිට BDC දක්වා ගමන් කරයි.


මෙහිදී පලමුව පිටාර කවුලුව Open වී දැවුනු වායු ඉන්ධන ස්නේහක මිශ්‍රණය පිටතට ගමන් කරන අතර පිශ්ටනය තවදුරටත් පහලට ගමන් කිරීමේදී අතුරුමාරු කව්ලුව Open වී දගරකද කුටීරයේ ඇති ඉන්ධන ස්නේහක මිශ්‍රණය නැවත සිලින්ඩරයේ ඉහලට ගමන් කරයි.




Thanks for watching my article

Comment your ideas👍















Welcome To My Blog

 

Popular Posts