Monday, October 10, 2022

මෝටර් රථයේ ඉතිහාසය

මෝටර් රථයේ ඉතිහාසය

17 වන හා 18 වන සියවස්වල එංගලන්තය ප්‍රමුඛ රටවල ජනගහනය වැඩි වීමක් සිදු විය. ඒ සමගම මිනිසාගේ අව්‍යතා හා වුවමනා ද වැඩිවිය. සැපවත් ජීවිතයක් ගත කිරීමට හා තම කාර්යන් පහසුවෙන් ඉටු කර ගැනීමට, භාණ්ඩ හා සේවා ප්‍රවාහනයට මෙතෙක් පැවති සම්ප්‍රදායික මිනිස් ශ්‍රමය හා සතුන්ගේ ශ්‍රමය වෙනුවට ස්වාභාවික බලශක්ති යොදා ගැනීමට අවශ්‍ය අත්හදා බැලීම් සිදු කරනා ලදි. මෙම ක්‍රියාවට මෙකල බාහිර යුරෝපයේ රටවල චින්තනයේ සිදුවූ සංවර්දනයද ඉවහල් විය.

        


තෝමස් සැවරි(1698)

1988 තෝමස් සැවර් නැමැති නිර්මාණ කරුවා හඳුන්වා දුන් වාෂ්ප එංපීම ඉහත අවශ්‍යතා ඉටුකර ගැනීමට අවශ්‍ය යාන්ත්‍රික බලයන් සඳහා වූ ප්‍රථම නිර්මාණයයි. මෙම යන්ත්‍රයේ පැවති දුර්වලතා නිසා නිවෙස් වලට ජලය ලබා ගැනීමට පමණක් භාවිතා කරන ලදී. 1705 දී මෙම යන්ත්‍රයේ පැවති දුර්වලතා අවම කරමින් තෝමස් නිව්යොමත් තව දුරටත් සංවර්ධනය කල වාෂ්ප එංවිම 1712 දී මෙම යන්ත්‍රයට පිස්ටන් යොදා ගන්නා ලදී. 1763 දී ජේම්ස් වො නැමැති නිර්මාණකරුවා නිව් කොමන් යන්ත්‍රයේ දුර්වලතා අවම කරමින් ඉතා සාර්ථක වාෂ්ප එංපීමක් සකස් කරන ලදී. මීට අමතරව ජේම්ස් වොට් ජවය මැනීමේ සම්මතයක් ද ලොවට හඳුන්වාදෙන ලදී.




වාෂ්ප එන්ජිම


 නිකලස් ජෝසප්(1769)

ඉහත ආකාරයට බිහි වූ හුමාල එංජිම (යන්ත්‍රය) ප්‍රවාහන කාර්ය සඳහා යොදාගත හැකිද යන්න පිලිබඳව නිර්මාණය ශිල්පීන් අතර නිරත අත්හදා බැලීම් සිදුකරනා ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස 1769 නිකොලස් ජොසප් කුඤො විසින් වාෂ්ප බලයෙන් ක්‍රියාකරන රෝද 3 සහිත මෝටර් රථය නිපද විය. පැයට සැතපුම් 02 වේගයෙන් ධාවනය කල හැකි මෙම වාෂ්ප එංජිම විශාලත්වය, ඉන්දන විශාල ප්‍රමාණයෙන්. වැයවීම, කාර්යක්ෂමතාවය අඩුවීම යන කරුණු මත වාෂ්ප එංපින්වල අවශ්‍යතාවය ක්‍රමයෙන් ඉවත්ව යන ලදී.





හුමාල එන්ජිම




නිකොලස් ඕටෝ(1876)

වාෂ්ප එංපිම වෙනුවට ස්වාභාවික ඉන්ධන යොදාගත හැකි විකල්ප යන්ත්‍රයක් පිළිබඳව අවධානය යොමු කල නිර්මාණකරුවන් අතර 1876 දී නිකොලස් ඔටෝ නැමැති නිර්මාණ කරුවා සිව්පහර අභ්‍යන්තර දහන එංජිමක් නිර්මාණය රන ලදී. මෙය වර්තමානයේ භාවිතා කරන අභ්‍යන්තර දහන එංජින්වල මුලාරම්භයකි.








        

සිව්පහර අබ්‍යන්තර දහන එන්ජිම




කාල් බෙන්ස්(1885)

නිකලස් ඔටෝ නිර්මාණය කල අභ්‍යන්තර දහන එංජිම පදනම් කර ගෙන 1885 දී කාල් බෙන්ස් ප්‍රථම රෝද 3 කාරය නිර්මාණය කරනා ලදී. 1886 දී මෙම නිර්මාණය පේටන්ට් බලපත්‍රය ලබා ගන්නා ලදී. මෙහි සිලින්ඩර ධාරිතාව 91.4mm වුවත් විනාඩියට වට 400 වේගයෙන් කරකැවේ. 0.66kw බලයක් නිපදවිය හැකි අතර 15kmh-' වේගයෙ ධාවනය කල හැකි විය.





ප්‍රථම රෝද තුනේ කාරය





ගොට්ලිබ් ඩෙම්ලර්(1885)

1885 දී ගොට්ලිබ් ඩෙම්ලර් අභ්‍යන්තර දහන චංපිම පා පැදියකට සවි කරන ලදී. මෙය යතුරු පැදියේ ආරම්භයයි. මෙම යතුරු පැදිය 12kmh - ' වේගයෙන් ධාවනය කල හැකි විය. 1886 දී ඩෙම්ලර් රෝද 04 සහිත මෝටර් රථය නිර්මානය කරනා ලදී. මෙහි ඉන්ධන ලෙස භාවිතා කරනා ලද්දේ පෙට්‍රල්ය. 1887 දී කාල් බෙන්ස්ගේ ප්‍රථම මෝටර් රථ අලෙවි කල අතර මේ මගින් මෝටර් රථය කර්මාන්තයට වාණිජ මුහුණුවරක් නිර්මාණය විය. 1890 දී ඩෙම්ලර් ප්‍රථම මෝටර් රථ කර්මාන්තශාලාව ආරම්භ කරන ලදී. 1929 දී කාල් බෙන්ස් හා ගොට්ලිබ් ඩෙම්ලර් එකතු වී මර්සිඩෙස් බෙන්ස් මෝටර් රථ සමාගම පිහිටුවන ලදී.


  



 
අබ්‍යන්තර දහන එංජිම සවිකරන ලද පා පැදියක්




රැඩලොෆ් ඩීසල්(1895)

මෙතෙක් භාවිතා කල පෙට්‍රල් ඉන්ධන වෙනුවට ඩීසල් ඉන්ධන භාවිතා කල හැකි එංජිමක් 1895 දී රැබ්ලොෆ් ඩීස විසින් හඳුන්වා දෙන ලදී. ඒ අනුව 1897 දී ප්‍රථම වරට ඩීසල් එංජිම නිර්මාණය විය.



 



ඩීසල් එංජිම





ෆර්ඩිනන්ඩ් පෝර්ස්(1901)

1901 දී ෆර්ඩිනන්ඩ් පෝර්ස් මෝටර් රථ සඳහා භාවිතා කරන ඉන්ධන බලශක්ති අර්බුධයක් හා පරිසරයට හිතකර නොවන නිසා ඊට පිළියමක් ලෙස දෙමුහුම් මෝටර් රථ නිර්මාණය විය. ඉන්ධන සහ විදුලිය යන බලශක්තීන් 2ම භාවිතා කල හැකි මෝටර් රථයක් 1901 දී නිර්මාණය විය. අද වන විට සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ නිර්මාණය වී ඇති අතර අනාගතයේ සුර්ය ශක්තියෙන් ක්‍රියාත්මක වන මෝටර් රථ නිර්මාණය වියහැක.




එංගලන්තයේ ජර්මනිය ඇතුලු බටහිර යුරෝපීය රටවල ආරම්භ වී 20 වන සියවසේදී ජපානයේ ආධිපත්‍යයට නතු වූ මෝටර් රථ කර්මාන්තය වත්මනේ දී මිනිස් ශ්‍රමය වෙනුවට යාන්ත්‍රික රොබෝවරු යොදාගෙන ඉතා නිවැරදි හා කාර්යක්ෂම ඇවිදින මන්දිර බදු වූ මෝටර් රථ නිර්මාණය විය.


මෝටර් රථයේ ඉතිහාසයේ සිදු වූ පෙරලිය වෙනස්වීම්

1980 හි පසු මෝටර් රථ නිර්මාණයේ ආධිපත්‍ය පානය සතුවිය. මේ සමාගම මෝටර් රථවල හැඩය සුවිශේෂි තාක්ෂණික උපක්‍රම සහිත අති සුඛෝපභෝගී මෝටර් රථ නිර්මාණය විය. ඒවායේ ඇති තාක්ෂණික උපාංග කීපයක් පහත දැක්වේ.


  • ABS - ප්‍රති අගුළු රෝධක / ලිස්සුම් වාරක. 
  • Air bags - වා මව්.
  • ස්වයංක්‍රීය කාලගුණ සැකසුම.
  • ස්වයං සම්ප්‍රේශණය.
  • යතුරු රහිත දුරස්ට් ඇතුළුවීම.



👍Please comment your idea!



8 comments:

Welcome To My Blog

 

Popular Posts